මධ්‍යම කදුකරයේ හැටන් ආශ්රිත ප්‍රදේශයන්ට සවස් කාලයේදි පවතින අධික වැසි හේතුවෙන් මෙම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ මෙම ප්‍රදේශයන්ට සවස් කාලය තුලදි අධික වැසි පවතින බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය .
පවතින මෙම වැසි තත්වයන් හේතුවෙන් තමන්ට කුලි වැඩක් හෝ කර යම් මුදලක් උපයා ගැනිමට නිසි ලෙස නොහැකි තත්වයක් පැවතිම මත තමන් මේ වන විට දැඩි ආර්ථික දුෂ්කරතාවයකට පත්ව ඇති බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.
මෙම ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් සමහර ස්ථානවල පස් කදු කඩා වැටිමෙන් කානු පද්ධතිය අවහිර විමෙන් වැසි ජලය මාර්ගයේ ගලා යාමෙන් මාර්ග පද්ධතිය ද විනාශ විමේ අවදානමකට ලක්ව ඇත.