අද (02) උදැසන 7.30ට පමණ හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය මීපිටිය ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් පාසල් ළමුන් ඇතුළු 10 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වේ.
එලෙස තුවාල ලැබූ පිරිස නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කළ බව ද වාර්තා වේ.
හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ මහනුවර සිට හැටන් දක්වා ධාවනය වූ බස් රථයක් මෙසේ මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇත.
අනතුරින් බස් එක් බස් රථයක රිය්දුරෙකුද තුවාල ලැබුවන් අතර සිටින බවත් ,අනතුරු බහුල වන්ගුවක මෙම අනතුර සිදු වී ඇති බවත්, අදාළ බස් රථ දෙකම අධ්ක වේගයකින් ධාවනය කර ඇති බවත්, අනතුර සිදුවන මොහොතේ ඒඅම බස් රථ දෙක තුළම රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවකයින් පිරිසක්ද සිට ඇති බවද අනතුර පිළිබඳව පරීක්ෂණ සිදු කරන නාවලපිටිය පොලිසිය ප්‍රකාශ කර ඇත.