දිවයිනට බලපා තිබූ මැන්ඩවුස් සුළි කුණාටු තත්ත්වය මේ වන විට කෙමෙන් බැහැර වෙමින් පවතින බව කාලගුණ අංශ සඳහන් කරයි.
ඒ අනුව මේ වන විට මෙම මැන්ඩවුස් සුළි කුණාටු තත්ත්වය දකුණු ඉන්දියාවට ඇතුළු වී තිබෙන බවත් මෙනිසා චෙන්නායි ගුවන් තොටුපොළේ ගුවන් ගමන් සඳහා බලපෑම් එල්ලවී ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි කරන අංශයේ අධ්‍යක්ෂිකා ආචාර්ය ශිරෝමනී ජයවර්ධන සඳහන් කළේ මෙරටට බලපා ඇති දූවිලි සහ ශිත කාලගුණ තත්ත්වය ද දින කිහිපයක් තුළදී පහව යන බවයි.
එමෙන්ම මෙම ශීත කාලගුණ තත්ත්වය හමුවේ කුඩා දරුවන් ආරක්ෂිතව තබා ගැනීම සම්බන්ධයෙන් දෙමාපියන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.