අධිවේගයෙන් වාහන 48ක් එකට ගැටේ

ඉන්දියාවේ පූනේ හි අධිවේගී මාර්ගයක පාලමක් මත වාහන 48 ක් එකිනෙක ගැටී අනතුරක් සිදු වී තිබේ.

එහිදී පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා තිබෙන අතර අනතුරට හේතුව වී තිබෙන්නේ ඉන්ධන ප්‍රවාහන රථයක තිරිංග ක්‍රියා විරහිත වීමයි.

එමෙන්ම මෙම අනතුර හේතුවෙන් කිලෝමීටර දෙකකට වැඩි දුරකට වාහන තදබදයක් පැවති බව වාර්තා වී තිබේ.

Exit mobile version