පවතින අධික වැසි තත්ත්වයත් සමග ජලයෙන් යටවීම හේතුවෙන් කොක්මාදුව හුවමාරුවෙන් පිටවී කනංකේ දෙසට ගමන් කළ නොහැකි මට්ටමට ගංවතුර තත්ත්වයක් තවදුරටත් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරිය ප්රකාශ කර තිබේ .
මේ හේතුවෙන් සියලුම රියදුරන්ගෙන් ඉල්ලීමක් කර ඇත්තේ කොළඹ සිට ගමන් ගන්නා රථවාහන පාලටුව අන්තර් හුවමාරුවෙන් ද මත්තල සිට පැමිණෙන රථවාහන ගොඩගම හුවමාරුවෙන් ද පිටවීමට කටයුතු කරන ලෙසටයි.