අධිවේගයේ යන අයට පුංචි සහනයක්.අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි.

අධිවේගී මාර්ගවල මගීන් ප්‍රවාහනය කරන බස් රථ මගින් අය කෙරෙන ගාස්තු 10%කින් පහළ දමන බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. ඒ අනුව අද (4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ බස් ගාස්තු සංශෝධනය වන බව ය.

අද (4) ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

කෙසේ නමුත් මීට මාස කිහිපයකට පෙර පැවති ගාස්තු සමග සසඳන විට මේ මුදල කුඩා මුදලකි. නමුත් මේ ආකාරයෙන් හෝ ටිකෙන් ටිකමිල අඩුකිරීම ගැන අගය කල යුතුය.  

Exit mobile version