අධිවේගයේ යන රියදුරන්ට දැනුම්දීමක් .

අධිවේගී මාර්ගයේ වාහන ධාවනයේ දී මීටර් 50ක පරතරයක් තබාගෙන වාහන ධාවනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කර තිබේ .

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදු විය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහා මෙම ඉල්ලීම සිදු කර ඇති අතර එම අනතුරු ඇඟවීම් නිවේදන විද්‍යුත් පූවරැ මඟින් ප්‍රදර්ශනය කිරීමට ද කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

එමෙන්ම අඳුරු සහිත කාලගුණයක් ඇති බැවින් තම වාහනයේ ඉදිරිපස විදුලි ලාම්පු දල්වා ධාවනය කරන ලෙස ද අධිවේගී මාර්ග රථවාහන පොලීසිය රියදුරන්ට දන්වා තිබේ .

Exit mobile version