අධිවේගී මාර්ගයේ රිය අනතුරක්.

අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම ආසන්නයේ දී ටයරයක් මාරු කිරීම සදහා නවතා තිබූ ලොරියක පිටුපස මෝටර් රථයක් ගැටීමෙන් මෝටර් රථ රියදුරු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.

එම මෝටර් රථයේ රුසියානු ජාතික තරුණියක් සිට ඇති අතර ඇය අනතුරින් තුවාල ලැබීම හේතුවෙන් හෝමගම රෝහලට ඇතුළත් කළ බව කියයි.රුසියානු ජාතික තරුණිය කටුනායක ගුවන් තොටුපොළට යන අතරවාරයේ දී මෙම අනතුරට මුහුණ දුන් බව වාර්තා වේ.

අනතුරින් ජීවිතක්ෂයට පත් වූ මෝටර් රථ රියදුරු අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයෙක් වන අතර රුසියානු ජාතික තරුණිය 27 හැවිරිදි අයෙක් බව වාර්තා වේ.

Exit mobile version