අධි ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අදට (03) යෙදී ඇති බව වාර්තා වේ.
මෙම වර්ෂය අධික අවුරුද්දක් වන බැවින් ඇසළ පොහොය ලබන මස 01 වන දිනට යෙදී ඇති අතර අද දිනය අධි ඇසළ පොහොය ලෙස සැළකේ.
බෝසතාණන් වහන්සේ මහමායා දේවියගේ කුස පිළිසිඳ ගැනීම සිදුවුයේ ඇසළ පුර පසළොස්වක පොහො දිනක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.
සිදුහත් කුමරු සතර පෙර නිමිති දැක ගිහිගෙය කලකිරි මහා අභිනිෂ්ක්‍රමණය කළේ ද ඇසළ පුන් පොහෝ දිනකයි.
බුදුරාජාණන් වහන්සේගේ සිය මංගල ධර්ම දේශනය මෙන්ම සංඝ ශාසනයේ ආරම්භය සිදුවුයේ ද ඇසළ පොහෝ දිනක බවද ශාසන ඉතිහාසයේ සඳහන් .