අවිස්සාවේල්ල, මාලියන්ගම මාර්ගයේ රිටිගහවෙල ප්රදේශයේ දී බස් රථයකට යටවී පාපැදිකරුවෙකු මියගොස් ඇති අතර පසුව මියගිය පුද්ගලයාගේ ඥාතීන් පැමිණ එම බස්රථයට ගිනි තබා ඇත.
කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් ප්රවාහනය කරමින් සිටිය දී අද (15) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇත.
අනතුරට ලක් 65 හැවිරිදි පාපැදිකරු එම ස්ථානයේ දීම මියගොස් ඇති අතර සිද්ධියෙන් පසු බස් රථයේ රියදුරු පැන ගොස් ඇත.
එහි දී අවිස්සාවේල්ල පොලිසිය පැමිණ බස් රථය සිය භාරයට ගන්නා අවස්ථාවේ දී කුපිත වූ ඥාතීන් පැමිණ බස් රථයට ගිනිතබා ඇති බව වාර්තා වේ.
ඉන් බස් රථය තුළ එම මොහොතේ සිටි පොලිස් නිලධාරියෙක් ද තුවාල ලබා ඇත.