අනතුරක් සිදු කර පලාගිය පුද්ගලයකු ප්‍රදේශවාසින් විසින් අල්ලා ගනී.

දිවුලපිටිය 12 කණුව ප්‍රදේශයේ කාන්තාවක් යටකරගෙන පලාගිය වෑන් රථ රියදුරු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට භාර දීමට කටයුතු කල බවට වාර්තා වේ.

ඊයේ (12) සවස දිවුලපිටිය සිට මරදගහමුල්ල දක්වා කාන්තාවක් යමින් සිටියදී පිටුපසින් පැමිණි වෑන් රථය ඇය ගමන් ගත් යතුරු පැදිය පසුකර යාමට උත්සාහ කිරීමේදී එහි ගැටී තිබෙන අතර අනතුරෙන් යතුරු පැදිය පෙරලී ගොස් කාන්තාව වෑන් රථයේ යට සිරවී ඇතත් වෑන් රථය නොන්වත්වා ධාවනය කර ඇති බවට වාර්තා වේ.

නමුත් ප්‍රදේශවාසින් ලුහුබැඳ ගොස් රියදුරු අල්ලා ගෙන ඔහුට පහරදී පොලිසියට භාර දුන් අතර පහර කෑ පුද්ගලයා මේ වනවිට පොලිස් ආරක්ෂාව යටතේ ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර අනතුරට පත් වූ කාන්තාව බරපතළ තත්වයේ පසුවන බව පොලිසිය විසින් වාර්තා කර තිබේ.

Exit mobile version