කුරැණෑගල ප්රදේශයේ වැව රවුම් මාර්ගයේ දී යන්තම්පලාව දෙස සිට බමුණුගෙදර දෙසට යමින් තිබූ ත්රීරෝද රථයක් අනතුරට ලක් වීමෙන් මාස 09 ක බිළිදෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.
පොලීසිය පවසන්නේ රියදුරැගෙන් රථයේ පාලනය ගිලිහී ගොස් ත්රීරෝද රථය මාර්ගයෙන් ඉවතට ගොස් දුරකථන රැහැන් කණුවක වැදී එම අනතුර සිදු වී ඇති බවයි.
අනතුරෙන් තුවාල ලැබූ ත්රීරෝද රථ රියදුරු සහ තවත් සිව්දෙනෙකු කුරැණෑගල රෝහලට ඇතුළත් කල අතර එහිදී මාස 09 ක බිළින්දා මිය ගොස් තිබේ