අනවසරෙන් රට පැන්න අයට මෙරටට ගෙන්වා දඩුවම් දෙන්න මනුෂ සැරසෙයි.

විදෙස්ගත ශ්‍රමිකයන් පිලිබදව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මාධ්‍ය සාකච්චාවකට එක් වෙමින් අදහස් දක්වන ලදී.

එහිදී වැඩිදුරටත් එතුමා ප්‍රකාශ කර සිටියේ අනවසරයෙන් මෙරටින් විදේශගත වූ ශ්‍රමිකයන්ට හා මිනිස් වෙළදාමේ යෙදුණු පුද්ගලයන් හට මෙරටට ගෙන්වා නීතිය ක්‍රියාත්මක කරන බවයි.

තවද විදෙස්ගත ශ්‍රමිකයන් විසින් මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීමේදී එහි සත්‍ය අසත්‍ය තාවයක් තිබෙදැයි සොයා බලා කටයුතු නොකර එම අදහස් මාධ්‍ය විසින් සමාජගත කිරීම පිලිබදව අමාත්‍ය වරයාගේ දැඩි අප්‍රසාදය එල්ල විය. 

එමෙන්ම ශ්‍රී ලංකා ශ්‍රමිකයන් ඕමාන රජය හා මැදපෙරදිග රටවලට එල්ල කළ චෝදනා පිලිබදව එම රටවල රජයන්  කනස්සල්ලෙන් සිටින බව ද අමාත්‍යවරයා විසින් මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

Exit mobile version