දශක කිහිපයක් තිස්සේ සුදු අලියෙක් ලෙස, අල්ලස්, දුශණය මතින්, පාරිසරික අතින්ද රට විනාශ කිරීමට කටයුතු කල, පතල් හා කැනීම් කාර්යාන්ශය මේ වන විට දිගින් දිගටම වැටලීම් ආරම්භ කරමින් සිටී.
එහි ප්‍රතිපලයක් ලෙස, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විරගුල පොලිස් බල ප්‍රදේශයේ 371 ඕපත්ඇල්ල ග්‍රාමසේවා වසමහි ගලබොඩවත්ත නැමති ඉඩමේ බලපත්‍ර රහිතව අනවසරයෙන් පවත්වාගෙන ගිය කළුගල් කැඩීමේ ස්ථානයක් අද වටලා තිබේ.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නීති අංශයට අනුබද්ධ නීති බලගැන්වීමේ ඒකකයේ බලගැන්වීමේ නිලධාරීන් හා වීරගුල පොලිස් ස්ථානයේ නිලධාරීන් සමග 2024.01.30 දින මෙම වැටලීමක් සිදු කරන ලදී.
එහිදී ගල් පටවමින් තිබූ ටිපර් රථ යත් එහි රියදුරු සහ, කලුගල් කැණීම් කිරීම මෙහෙයවමින් අනවසර කළුගල් වල පවත්වාගෙන ගිය එහි හිමිකරු ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සඳහා වීරගුල පොලිසිය වෙත භාර දී තිබේ.