මාර්ග නීති කඩමින් රට පුරා එක් එක්කෙනාට හිතුමතේ මාර්ගයේ කඩ දැමීමට ඉඩ දිය නොහැකි බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මත්තේගොඩ බෞද්ධ මධ්‍යස්ථානයේ අද (07) පැවති ආගමික කටයුත්තකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .
වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා ,
” තලවතුගොඩ කිඹුලාවල හන්දියේ මාර්ගයේ වෙළඳසැල් පවත්වාගෙන යාමට කිසිවකුටත් අවසර දීල නෑ.. ඔවුන් වෙළඳසැල් පවත්වාගෙන යන්නේ මාර්ග නීති උල්ලංඝනය කරමින්.ඒ නිසා මේ වෙළඳසැල් සියල්ල ඉවත් කළ යුතුයි. මේ විදිහට කඩදාන්න හැමෝටම අවසර දුන්නොත් රට පුරා මාර්ගවල වෙළඳසැල් ආරම්භ කරාවි. ඒ නිසා මාර්ග නීති උල්ලංඝනය කරමින් කිසිම කෙනෙකුට මේ විදියට වෙළද සැල් පවත්වාගෙන යාමට අවසර දෙන්න බැහැ.”