අනවසර මසුන් මැරීමේ නිරත ධීවරයන් දෙදෙනෙක් අත්අඩංගුවට.

මුලතිවු අලම්පිල්  මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී මසුන් ඇල්ලීමේ නිරතවූ ධීවරයන් දෙදෙනකු  හා නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන  ඇති බව වාර්තාවේ.

ඒ  එම මුහුදු ප්‍රදේශයේ දී  මුලතිවු ධීවර අධ්‍යක්ෂක කාර්යාලයේ නිලධාරීන් හා නාවික හමුදාව එක්ව ඊයේ (16 ) රාත්‍රී කාලයේ කරණ ලද මෙහෙයුමකදී වේ.

මෙම ධීවරයන් විදුලි ආලෝක ධාරා භාවිතයෙන් මසුන් ඇල්ලීම ඔවුන්ට ලද චෝදනා වන බව පැවසේ.

මෙම ධීවරයන් දෙදෙනා කල්පිටිය ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර ඔහුන් මසුන් මැරීමට යොදා ගත් ඩිංගි යාත්‍රා  දෙකක් හා ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු කිරීමට සැකකරුවන් දෙදෙනා සමග මුලතිවු ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දී තිබේ.

Exit mobile version