අනවසර විදුලි රැහැනකට වන අලියෙක් බිළි

ඊයේ(06) හම්බන්තොට – ගොන්නොරුව ප්‍රදේශයේ නිවසක් අසල තනා තිබූ අනවසර විදුලි රැහැනකට හසු වීමෙන් වන අලියෙක් මියගොස් ඇති බව වාර්තා වේ.

අදාළ නිවසේ හිමිකරු විසින් මෙම විදුලි රැහැන අටවා ඇත්තේ වන සතුන්ගෙන් වගාවන් ආරක්ෂා කර ගැනීමට වන බව සඳහන් වේ.

කෙසේ වෙතත් හම්බන්තොට වනජීවී නිලධාරීන් ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා මේ වන විට  අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Exit mobile version