අනවසර විදුලි රැහැනක ගැටී පුද්ගලයෙකු මරුට

කොස්ගොඩ ප්‍රදේශයේ වෙල්යායක පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව වාර්තා වේ. මරණයට හේතු වී ඇත්තේ අනවසර විදුලි රැහැනක ගැටීමෙන් සිදු වූ අනතුරකි.

පොලීසිය සැකපළකරන්නේ මියගිය පුද්ගලයාම ඌරන් දඩයම් කිරිමට ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටී ඔහු මෙලෙස මියයන්නට ඇති බවටය.

මෙලෙස මියගොස් ඇත්තේ කොස්ගොඩ පස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචි සිව්දරු පියෙකි .

එම පුද්ගලයා කුරුඳු තැලීමේ රැකියාවේ නිරතව සිටින අයෙකු බවට මේ වනවිට තොරතුරු වාර්තා වී තිබේ.

මේ අතර ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මෙලෙස අනවසර විදුලි රැහැන් ඇදතිබීම හේතුවෙන් තම ජීවිත ද අවදානම් තත්ත්වයක පවතින බවය.

Exit mobile version