අද (21) අලුයම පල්ලෙකැලේ බලගොල්ල, බෝගහපිටිය ප්රදේශයේදී, වනසතුන්ගෙන් කුඹුරක් ආරක්ෂා කරගැනීමට අටවා තිබු අනවසර විදුලි රැහැනක දැවටී පුද්ගලයකු මිය ගොස් ඇති බව වාර්තාවේ.
මේම අනවසර විදුලි රැහැන ඌරන්ට ඇඳ තිබූ බවයි වාර්තාවන්නේ. මෙම අනතුරට හසුව මියගොස් ඇත්තේ 43 හැවිරිදි එම ගම්මානයේම පදිංචි උපුල් රණසිංහ නැමැත්තෙකු බව පල්ලෙකැලේ පෙලීසිය සදහන් කර තිබේ.
මෙම සිදුවීම සම්බන්ධව පල්ලෙකැලේ පෙලීසිය විමර්ශන මෙහෙයවනු ලබයි.