ගුරු-විදුහල්පති වැටුප් විෂමතා පිළිබඳ ගැටළුවට තවමත් විසඳුමක් හිමිව නැති බැවින් එය විසඳීමට රජයට බල කරමින් අන්තර්ජාලය ඔස්සේ පෙත්සමක් අත්සන් කිරීමට ගුරු-විදුහල්පතිවරු තීරණය කර තිබෙන අතර, අද (14) දිනයේ සිට මෙම පෙත්සම අත්සන් කිරීමේ කටයුතු කරන බවද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේය.
ඔහු තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ සිය ඉල්ලීම් වලට නිසි විසඳුමක් ලැබෙන තුරු ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යන බවයි.
” අපි කැමතියි මේක කඩිනමින් විසඳෙනවා නම් .ඒ වගේම අපි අද ඔන්ලයින් පෙත්සමක් අත්සන් කරනවා. ඒකට සම්බන්ධ වෙලා මේ ගැටලුව විසඳන්න ආණ්ඩුවට බල කරලා කියන්න එකතු වෙන්න කියලා සියලුම දෙනාට ආරාධනා කරනවා. අපිට දැන් එළිමහනේ කරන ක්‍රියාකාරකම් සීමා කරන්න වෙලා තියෙනවා කොවිඩ් ව්‍යාප්තියත් සමග.”
මේ අතර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ, ගුරු-විදුහල්පති වැටුප් ගැටළුව සම්බන්ධයෙන් සියලු වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.
මෙම ගැටළුව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද කැබිනට් අනු කමිටුව ඊයේ දිනයේ දී ගුරු-විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් සමග සාකච්ඡා පවත්වා ඇත.
මෙලෙස තවත් සාකච්ඡා කිහිපයක් සිදු කිරීමට නියමිත බවත් එම සාකච්ඡා සිදු කිරීමෙන් අනතුරුව අවසන් වාර්තාවක් කැබිනට් මණ්ඩලයට යොමු කරන බවත් ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේය.