“අන්තරේ අඬහැරේ ගමින් ගමට” වැඩසටහන ජනතාව ඉලක්ක කරමින් දිවයින පුරා.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින්“අන්තරේ අඬහැරේ ගමින් ගමට” තේමාව යටතේ සංවිධානය කරන ලද ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව මෙම මස 4 සිට 09 වනදා තෙක් දිවයින පුරා ක්‍රියාත්මක කර ඇත.

මීට සමගාමීව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් නොවැම්බර් මස 09 වනදා ජාතික විරෝධතා දිනයක් වශයෙන් ද ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව වාර්තා වූයේ අද (09) දිනයේ විදෙස් රටවල් හයකට වැඩි ප්‍රමාණයක් විරෝධතා උද්ඝෝෂණ ආදිය සංවිධානය කර තිබූ බවත් මෙරට විශ්ව විද්‍යාල 08ක සහ දිවයිනේ නගර විශාල ප්‍රමාණයක විරෝධතා උද්ඝෝෂණ සංවිධානය කර තිබූ බවත් ය.

Exit mobile version