අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප යන අයවලුන් අද අලුයම (06) රත්මලාන ප්‍රදේශයේදී පොලිසිය මගින් අත් අඩංගුවට ගත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා තහවුරු කළේය. කොතලාවල විශ්වවිද්‍යාල පනතට එරෙහිව පාර්ලිමේන්තුව ආසන්නයේ උද්ඝෝෂණක් පවත්වා මහරගම පොලිස් ස්ථානාධිපතිවරයාට තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා කිහිපයක් මොවුන්ට එල්ල වී ඇති අතර සිරස රූපවාහිනිය සමග පැවති “මාවත” වැඩ වැඩසටහන නිමවා යමින් සිටියදී ඔවුන් මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ.