අන්තරේ කැඳවුම්කරුට ඇප

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිස ඇප මත නිදහස් කර ඇත.

අද (11) ඔවුන් කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05 බැගින් වන ශරීර ඇප දෙකක් මත ඔවුන් නිදහස් කරන ලෙස හෝමාගම මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා නියෝග කර ඇත.

මොවුන් කොතලාවල ආරක්ෂක විද්‍යාල පනතට විරෝධය පල කරමින් පොල්දූව පාලම අසලදී කරන ලද විරෝධාතාවයේ දී පොදු දේපළවලට හානි කිරීමේ වරද මත අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව මොවුන් අත්අඩංගුවට ගෙන දින 102ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

Exit mobile version