අද (4) අලුයම කුඹුක ප්‍රදේශයේදී මෙම අනතුර සිදු වී ඇතැයි වාර්තා වේ. ගෝනපොල කුඹුක නැගෙනහිර පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු මෝටර් රථයෙන් තම දරුවාගේ කිරි දානය සදහා අවශ්‍ය කරන මල් පිළියන්දල සිට තම නිවස කරා රැගෙන එන අතරතුරේ කුඹුක ප්‍රදේශයේ අනාරක්ෂිත ලෙස යොදා තිබූ මාර්ග බාධකයක ගැටී මෙම අනතුර සිදු වී ඇතැයි වර්තා වේ.
මොහු නමින් විමුක්ති ප්‍රසාද් ජයවීර නැමැත්තෙක් වන අතර නැනෝ තාක්ෂණ ආයතනයේ ජේෂ්ඨ පරීක්ෂණ විද්‍යාඥයෙක් බව කියයි.
මාර්ගයේ සංවර්ධන කටයුත්තකින් පසු අනාරක්ෂිත අයුරින් තබා තිබූ මාර්ග බාධකයේ මෝටර් රථය ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.
අනතුර සිදු වූ වෙලාවේ මෝටර් රථයේ වායු බැලූන් ක්‍රියාත්මක වී ඇති අතර එයින් විසික් වූ ප්ලාස්ටික් කැබැල්ලකින් මරණකරුගේ ගෙල ප්‍රදේශය තදින් කැපී තිබූ අතර ඔහු රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා කරයි.