අනාරක්ෂිත රිය පැදවීමෙන් 4 ක් සීදූව රෝහලේ..

කොළඹ සිට බණ්ඩාරනායක කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත තෙල් ප්‍රවාහන කරන දුම්රියකට ඉදිරියට ගමන් කිරීමට සංඥා ලබා දී තිබිය දී ( සංඥා ක්‍රියාත්මකව ඇත. බෙල් ඇන්ඩ් ලයිට්) එම සංඥා පිලිබඳව අවධානය යොමු නොකරමින් ධාවනය කළ කාර් රථයක් ගැටී ඇත.

එම අනතුර සිදුවන විට එම රථය තුළ සිව් දෙනෙක් ගමන් කොට ඇති අතර, එම සිව් දෙනාම මේ වන විට සීදූව රෝහල වෙත ඇතුළත් කොට ඇත. එක් අයකුගේ තත්ත්වය බරපතළ බවට වාර්තා වේ.

තෙල් ප්‍රවාහන දුම්රිය මේ වන විට කටුනායක බලා ධාවනය වූ අතර, මෙම අනතුර හේතුවෙන් පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා මතුව නැත.

Exit mobile version