වයස අවුරුදු 06ක් වන දරුවෙක් සිය මවගේ අනියම් සැමියාගෙන් පහර කා ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම ඝාතනය අද (13) අලුයම සිදුව තිබෙණ අතර පොලිසිය විසින් ලද තොරතුරකට අනුව ගම්පහ – පහලගම ප්‍රදේශයේ පිහිටි නිවසට ගිය පොලිසිය විසින් එම දරුවා රෝහල්ගත කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
මෙසේ රෝහල්ගත කිරීමෙන් අනතුරුව දරුයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි ගම්පහ පොලිසිය ප්‍රකාශ කළේ.
අනියම් පෙමට ලොල් වූ මේ මවට අවසන තම දරුවාද අනියම් පෙම ද යන දෙකම අහිමිව ප්‍රේමයේ ප්‍රතිඵල ලැබිණ. දෙමාපියන් කරන වැරදිවලට මේ පුංචි මල් කැකුළු වන්දි ගෙවන්නේ ඔවුන් කළ කුමන වරදකටද.
රටේ පාලන තන්ත්රය මෙන්ම සමාජ ක්‍රමය ද දූෂිත වී තිබේ.එවන් රටක රටේ පුංචි පරපුරට කුමක් වේ දැයි සිතාගත නොහැක.විශ්වවිද්‍යාල වල කුලපතිවරුන්ට නිල්වෙන ගහන විශ්වවිද්‍යාල සිසුන් සිටින, මතට ඇබ්බැහි වූ පාසල් දරුවන්, පාසලේ දැරියන් දූෂණය කරන කාමාතුර ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වගේම දියණිය පියාගේ අතින් මාමාගේ අතින් දූෂණය වන කාලයක් අද වන විට මේ රටට උදා වී තිබේ.