අනුරකුමාර ජනපති බවට පත් වේ යැයි ඉන්දියාව රැවටුනාද?


ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරකම් පිළිබඳව සක්‍රීයව බලා සිටින බොහෝ දෙනාට පෙනෙන කරුණු අතර විදේශීය ජාතිකයන් සමග විවාහ වී සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් සහ පිරිමින් සැලකිය යුතු ප්‍රමාණයක් සිටිති. ඉන් ඉන්දීය ජාතිකයන් ද සැලකිය යුතු ප්‍රමාණයක් සිටින අතර එම පවුල් වල සිටින ඉන්දීය ජාතිකයන් ද සැලකිය යුතු ප්‍රමාණයක් ලංකාවේ දරුවන් හදා ඔවුන් ලංකාවේ තබා ඉන්දියාවට ම ගොස් තිබේ. ඊට අමතරව තවත් ඉන්දීය ජාතිකයන් ශ්‍රී ලංකාවේ විවිධ ස්ථාන වල සිටී. ඔවුන් සියල්ලෝම පාහේ ඉන්දීය රෝ ඔත්තුකරුවන් බව දේශහිතෛශී ශ්‍රී ලාංකියන් හඳුනාගෙන සිටී.


පසුගිය දා අනුර කුමාර දිසානායක මහතා ආරාධනාවක් ලැබ ඉන්දියාවට ගියේය. එසේම විවිධ රටවල් වල රාජ්‍ය තාන්ත්‍රිකයන් අනුරකුමාර දිසානායක මහතාට සමීපව සිටී. මැතිවරණ කිට්ටුවන විට රාජ්‍ය තාන්ත්‍රිකයන් ඊ ලඟට බලයට පත්වන නායකයා යැයි අනුමාන කරන පුද්ගලයාට කිට්ටු වෙති. ඒ අද ඊයේ සිට සිඳුවන දෙයක් නොවේ. තානාපතිවරුන් ඔවුන්ට කිට්ටු කරන්නේ ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වෙනුවෙන් සහ උපක්‍රම ලෙසය.


විවිධ කතා ඇතුලේ කියුවුණේ අනුරලාට විදේශීය සබඳතා නැති බවයි. එසේ ප්‍රකාශ කරනුයේ මධ්‍යස්ථභාවයක් නැති අය සහ ලෝකය ගැන හෝ රට ගැන අවධානයක් නැති පුද්ගලයන් ය. ඒ අනුව අසල්වැසි රාජ්‍ය හොඳින් තබාගත යුතු වුවත් ලංකාව තුල මේ වන විටත් පවතින්නේ ඉන්දීය විරෝදී රැල්ලකි. ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ ඉන්දියාව උපක්‍රමශීලීව ශ්‍රී ලාංකාව ආක්‍රමණය කරමින් සිටින බවට කියවෙන කතා අහන්න නම් අප සේ ගමේ කෝපි කඩේටත්, ගොවිබිමටත්, වැඩබිමටත්, පොළට, කඩ මංඩියට, ළිද ලඟ සංගමයට, පංසලට, සමිති සමාගම්වලට, පාසලට ආදී රටෙි සෑම ස්ථරයකටම යා යුතුය. එවිට බොහෝ කතා අහන්නට හැකිය.


ඒ කතා අතරේ අනුර කුමාර ජනපති වේ යැයි කියවෙන කතා තිබෙන්නේ රාජ්‍ය ආයතනවල පමණි. තම ඡන්දය දෙන්නේ කාටදැයි රටේ තරුණ පරපුරින් 10% ක් වත් තීරණය කර නැත. අනුර කුමාර පසුපස සිටින්නේ පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය ජනපති කිරීමට වෙහෙස වු කණ්ඩායම්ය. රාජ්‍ය සේවයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අනුරට එකතුව සිටිති. ආර්ථික සංවර්ධන නිලධාරීන් , සමෘද්ධි සංවර්ධන නිලධාරීන් , ගොවි නියාමකවරුන් වැනි පොදුජන පෙරමුණේ ශක්තිමත් මුල් සියල්ලම පාහේ අනුරකුමාරට එකතුව සිටී. අනුර කුමාරගේ සියලුම දේශපාලන රැලිවලට ඔවුන් හැකිතාක් එකතුවන අතර, එම රුස්වීම්වලට පිටින් පවා සහභාගී වෙති. කෙසේ නමුත් ජනතාව දැඩි වෙනසක් බලාපොරොත්තු වේ. එය ඉන්දියාවට අවශ්‍ය ලෙස තේරෙන පුද්ගලයෙක් නොවේ. මෙතෙක් රටට බිහි වුයේ විදේශයන්ට අවශ්‍ය නායකයන් වුවත්, රටේ ජනතාවගේ බලාපොරොත්තුව එවැනි නායකයෙක් නොවේ. නමුත් විදේශ සබඳතා අවශ්‍ය අත්‍යවශ්‍ය බැවින්, ජනතාවගේ සිතුම් පැතුම් සමග ඒවා පරිස්සමින් දොලනය කරගත යුතුය.


තරුණ ප්‍රජාවගේ, ගොවිකම්කරු ජනතාවගේ මෙන්ම වැඩබිමේ ජන්ද පදනම සකසා ගැනීමටද අනුරගේ කණ්ඩායම සමත්ව නැත. අනුරගේ පැවැති ඡන්ද පදනම මේ වන විට වැඩි වී තිබේ. එය උපරිම ලක්ෂ 25 – 30 අතරය. ඉන් ඔබ්බට වැඩි වී නැති එම රැල්ල වැඩිකරගැනීමට නම් ඔවුන් ඊටත් වඩා උපක්‍රම සෙවිය යුතුය. කෙසේ නමුත් අනුර කුමාර දිසානායක මහතා ජනප්‍රිය වී සිටිති. මෙවර ජනාධිපතිවරණයට මෙන්ම මහා මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන්ට ජනප්‍රිය වීම මත බහුතර ඡන්දය ලැබෙන්නේ නැත. අවුරුදු ගණනාවක්ම රැවටුණු ලක්ෂ ගණනාවක්ම බුද්ධිමත් ශ්‍රී ලාංකිකයන්ගේ මෙවර තීරණය කුමක්ද යන්න නිසි ලෙස සොයාගැනීමට ඉන්දීය රෝ ඔත්තුකරුවන්ටද නොහැකිව ඇත.
ශ්‍රී ලාංකිනයන්ගෙන් 70 %- 75% ත් අතර ප්‍රමාණයක් තම ඡන්දය දෙන්නේ කාටදැයි යන්න තවමත් තීරණය කර නැත.


නමුත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති බවට පත්වන විට ඔහුට තිබු ජනතා ප්‍රසාදය ඔහු හඳුනා ගත්තේ නැත. නමුත් අප ඒ මහජන උද්දීපනය වාර්තා කලේය. එසේම රට පාලනය කල යුතු ආකාරයද අප පෙන්වා දුන්නේය. අරගලයට පහර නොදිය යුතු බවත්, උපක්‍රශීලීව ඔවුන් සමඟ එකතුවන ලෙසත් වාර්තා කලේ ජනාධිපතිවරයා පිළිබඳව තිබු මහජන ප්‍රසාදය අහිමිවීම රටට හානිදායක වන බැව් පෙන්වා දෙමෙනි. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා එය හඳුනා නොගෙන අරගලයට පහර දුන්නේය. එය මහජන අරගලයක් බව ඔහු නොදැකීම නිසා එදා සිට අද දක්වාම ඒ අහිමි වු ජනතා ප්‍රසාදය ලබාගැනීමට ඔහු අපොහොසත්ව සිටී. එය රටක් ලෙස අප ලැබු අන්ත පරාජයක් වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රට ගොඩනැගිය හැකි ඉතාම හොඳින් දන්නා බැවිනි. නමුත් මහජනතාවගේ “හඳවතේ අරගලයට” ඔහු පහරදී නැතිකරගත් ජනතා ආකර්ෂණය දැන් ඔහුට කිසි සේත්ම සකසා ගත නොහැකි තත්වයට පත්ව තිබේ.

රටේ බොහෝ සම්පත් විකිණීමට තීරණය කිරීමත් සමගම එය තව දුරටත් බිඳවැටුණු අතර එය රටක් අවැසි ජනතාව ලද පරාජයකි. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා අරගලයට පහර නොදි එම කටයුතු සිදුකලේ නම්, ඔහු කුමක් කලත් ජනතා ආකර්ෂණය ඒ ආකාරයෙන්ම පවතින්නේය. අප මේවා ඒ කාලයේම ලියා තිබේ. දැනටත් මේ වන විටත් දිනෙන් දින රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජයේ පාර්ශ්වයේ ඡන්ද පදනම කඩා වැටෙමින් තිබේ. ඒ ඔවුන්ගේම අදුරදර්ශී කටයුතු නිසාය. උදාහරණයක් ලෙස ප්‍රාදේශීය ලේකම්වරු ගණනාවකටම නීතිවිරෝදී ලෙස ස්ථානමාරුවීම් ලබා දීම නිසා රාජ්‍ය සේවකයන් පමණක් නොව මහජනතාවද කැළඹී සිටිති. ඒ සියල්ල පිටුපස සිටින්නේ රජයේ මැති ඇමතිවරුන්, ව්‍යාපාරිකයන් සහ මහජන අප්‍රසාදී චීවරදාරී අබෞද්ධ භික්ෂූන් බැවිනි. මේ අහිමිවන ඡන්ද පදනම ඔවුන්ට නැවත සැකසිය නොහැක. එසේම විවිධ උපක්‍රම භාවිතාකරමින්, මැතිවරණ සමයේ භාණ්ඩ මිල අඩුකිරීම වැනි දේ මතද ජනතාව අල්ලා ගැනීමට ඔවුන්ට නොහැක. ඒවා ඡන්ද වෙනුවෙන් කරන බව ඔවුන් මනාව හඳුනාගෙන සිටිති. නමුත් රනිල් වික්‍රමසිංහ මහතාට නැවත ජනපතිවීමට හැකි ආකාරයෙන් ජනතා ආකර්ෂණයක් ද ගොඩනගා ගත හැක. ඒ කෙසේද යන්න සොයාගැනීම ඔහු සමඟ සිටින අනෙකුත් නායකයන්ගේ වගකීම වේ. එය නව පාඩමක් ලෙස ගෙන සිතාබලා කටයුතු කිරීම, වෙනස් අයුරින් සිතීම , සහ දැනුම මත කල යුතුය. නමුත් එම දැනුම ඔවුන් සතුව තිබේද යන ප්‍රශ්නය ඔවුන්ට තිබේ.


කෙසේ වුවත් සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද පදනම තවමත් ඒ ආකාරයෙන්ම තිබේ. නමුත් ඔහුගේ දේශපාලන සගයන් කැඩී යාම තුල යම් හානියක් සිදුවිය හැකිය. ඒ එම දේශපාලන නායකයන් සමග සිටින සමහර පාක්ෂිකයන්ද සමඟි ජනබලවේගයට අහිමි වී යා හැකි බැවිනි. නමුත් බිමේ පවතින ජන්ද පදනමට හානි නොවන්නේ, විවිධ පැතිවලට හේත්තු වන්නේ ප්‍රතිපත්තියක් නැති මිනිස්සු බවත්, සාමාන්‍ය ජනතාව ඔවුන්ද ප්‍රතික්ෂේප කරන බවත් හඳුනාගෙන නැති බැවිනි. කෙසේ නමුත් සජිත්ට ද ජනාධිපති වීමට නම්, තව කල යුතු වැඩ බොහෝ තිබේ. ඒවා මොනවාද යන්න සොයා ගැනීම ට ද ඔවුන් දක්ෂ විය යුතුය.


ඒ අනුව ජනප්‍රිය පුද්ගලයා මත මෙවර ජනාධිපති තනතුර හෝ ආණ්ඩුවක් පිහිටුවීමේ අවස්ථාව හිමි නොවේ. නොමිලේ භාණ්ඩ බෙදා දීම, මැතිවරණ ඉලක්ක කරගෙන භාණ්ඩ මිල අඩු කිරීම, දේශපාලන වේදිකාවේ කතා ආදී ක්‍රියාවලට මෙවර ශ්‍රී ලාංකික ඡන්ද දේශපාලන නායකයන්ට නොලැබේ. දැනට ඉතිරිව තිබෙන 70% – 75% අතර තිබෙන පාවෙන ඡන්ද සහ දේශපාලනය එපා වී සිටින පුද්ගලයන්ගේ ඡන්ද ආකර්ෂණය කර ගැනීමේ ප්‍රතිශතය මත මෙවර ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පිහිටුවනු ඇත.
ඒ අනුව ඉන්දියාවේ තීරණය මත මෙවර ලංකාවේ ජනාධිපති තේරේවිද යන්න තීරණය වීම ගැටළු සහගත වනු ඇත. එසේම කාගේ වුවමනාවන් මත මෙවර ජනාධිපති ඉන්දියාවෙන් තීරණය කලත්, 2029 වර්ෂයේ බිහිවන ජනාධිපතිවරයා සුවිශේෂී ජනාධිපතිවරයෙක් වනු ඇත. ඒ 2025 වර්ෂයේ බිහිවන ජනාධිපතිවරයාද වර්තමාන පරපුරෙන්ම බිහිවන බැවින් සහ, 2029 වර්ෂයේ බිහිවන ජනාධිපතිවරයා නව පරපුරකින් බිහිවන, වර්තමාන පාලනයන්ට වඩා ඉහළින් දකින නායකයෙක් බිහිවීම සඳහා අවශ්‍ය පරිසරය 2025 ජනාධිපතිවරණය තුලින් නිර්මාණය වනු ඇති බවට උපකල්පන ගෙන හැර දැක්විය හැකිය.

Exit mobile version