“අඳුර නසන ගුරු පරපුර අඳුරට හෙළීමට එරෙහිව ජාතික කළු විරෝධතාව”

අද (06) දිනයේ ගුරු  – විදුහල්පති වෘත්තීය සංගම් විසින් රට පුරා ස්ථාන රැසකදී උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කර ඇත.

එම උද්ඝෝෂණ ව්‍යාපාරය නම්කර තිබුණේ “අඳුර නසන ගුරු පරපුර අඳුරට හෙළීමට එරෙහිව ජාතික කළු විරෝධතාව” ලෙසින් වන අතර උද්ඝෝෂණයේ නිරත ගුරුසංගම් විසින් රජයට අවධාරණය කර පවසා සිටියේ වැටුප් ගැටලුව විසඳීම සඳහා සාකච්ඡාවක් ලබාදෙන ලෙසයි.

අද පෙරවරු 10 ට පමණ කොළඹ ලිප්ටන් වට රවුම වටා රැස් වූ ගුරු – විදුහල්පතිවරුන් විසින් උද්ඝෝෂණය ආරම්භ කර ඇති අතර ඊට සමගාමීව දිවයින පුරා විවිධ ස්ථාවලදී උද්ඝෝෂණ මාලා කිහිපයක්ම ක්‍රියාත්මක වී ඇත.

Exit mobile version