අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

රාවණා ලංකා අප වෙබ් අඩවියේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ලෙස පුවත් පළ කරන බවට චෝදනා එල්ල කරමින් අප ආයතනයේ හිමිකරුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නඩු පවරා තිබේ.

2024/03/05 වන දින අප ආයතනයේ හිමිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගන්නා ලදි. ඉන්පසු ඊට පසුදිනම කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (20) දින දක්වා දින 14ක කාලයකට බන්ධනාගාරගත කරන ලදි.

ඒ අනුව අද (20)දින ඇප ලබාදීමේ කොන්දේසියක් ලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් අවසර ලබා ගෙන පුවත් පළ කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා දැනුම්දී තිබේ. නමුත් කලින් වර්ශ සදහා බලපත්‍ර ලබාතිබුනද මෙම වර්ශය සදහා අවශ්‍ය ලියවිල්ලක්වන ආරකමාත්‍යාන්ශයේ නිශ්කාශන වාර්තාව යම් හේතුවක් මත ලබානොදීම නිසා මෙම ගැටලුව මතුව ඇත.

ඒ අනුව අප ආයතන හිමිකරුද එම කොන්දේසියට එකග වී තිබේ. ඒ අනුව අධිකරණ නියෝගයට ගරු කරමින් ඇප කොන්දේසි ආරක්ෂා කිරීම සදහා මේ මොහොතේ සිට තාවකාලිකව පුවත් පළ කිරීම අත්හිටුවන ලෙසට ආයතන හිමිකරු දැනුම් දෙන ලදි.

ආරක්ෂක අමාත්‍යාංශය විසින් අප වෙබ් අඩවිය පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් සපයා නොදීම පිළිබඳ ඇතිවූ ගැටලුවලට එරෙහිව සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් බලපත්‍ර අලුත් නොකිරීමට එරෙහිව ගරු ශ්‍රේෂ්ඨාධිකරණය තුල මේ වන විටත් මූලික අයිතිවාසිකම් නඩුවක් විභාග වෙමින් පවතී.

ඒ අනුව හැකි ඉක්මනින නීතිමය ගැටලු විසදාගත් පසුව මෙම වෙබ් අඩවියේ පුවත් පළ කිරීමට කටයුතු කරන බවට රාවණා ලංකා වෙබ් අඩවිය සමග බැදී කටයුතු කරන රටවල් 136ක ග්‍රාහකයන් වෙත අප ඉතා කනගාටුවෙන් දැනුම් දෙමි.

Exit mobile version