අපනයන ආදායමේ වර්ධනයක්.

මෙරට වෙළඳ භාණ්ඩ අපනයනය අමෙරිකානු ඩොලර් බිලියන 1.1 ක් දක්වා 5.75%කින් දී වර්ධනය වී ඇති බව සඳහන් වේ.

ඒ මෙම වසර සැප්තැම්බර් මාසයේදී වන අතර මෙසේ අපනයන ආදායම ඩොලර් බිලියනය ඉක්මවා ඇත්තේ අඛණ්ඩව හතරවන මාසයට බව වාර්තා වේ.

එමෙන්ම මෙම වසරේ මුල් මාස 09ක කාලය තුළ දී මෙරට වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් බිලියන 10කයට ආසන්න වශයෙන් සටහන්ව ඇත.

මෙය පසුගිය වර්ෂයේ මුල් මාස 09ක කාලයට සාපේක්ෂව 12%ක වර්ධනයකි.

ඩොලර් මිලියන 4562.67ක වැඩිම අපනයන ආදායමක්  ජනවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා වන කාල සීමාව තුළ දී උපයා ඇත්තේ ඇඟලුම් සහ රෙදිපිළි අපනයනය තුළින් වන අතර එම කාලය තුළ දී තේ අපනයනයෙන් ලද ආදායම ඩොලර් මිලියන 977කි.

මේ අතර ශ්‍රී ලංකාව වැඩිම අපනයන ආදායමක් එනම් ඩොලර් මිලියන 2582.91ක් ජනවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා කාලය ඇතුළත දී උපයා ඇත්තේ අමෙරිකානු එක්සත් ජනපදය වෙත භාණ්ඩ අපනයනයෙන් වන අතර එම අපනයනවලින් 23%ක් යවා ඇත්තේ ද යුරෝපා සංගමයේ රටවල් වෙත බව ද වාර්තා වේ.

එමෙන්ම මෙම වසරේ ජනවාරි මස සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ ඩොලර් මිලියන 700.53 දක්වා 10.25%කින් ශ්‍රී ලංකාව නිදහස් වෙළඳ ගිවිසුම්වලට එළැඹී ඇති රටවල් වෙත සිදුකළ අපනයන වර්ධනය වී ඇත.

Exit mobile version