ශ්රී ලංකා මහ බැංකුව ප්රකාශ කරන්නේ පසුගිය වසර හා සංසන්දනය කිරීමේ දී මෙම වසරේ ජනවාරි සිට ජූලි මාසය දක්වා කාලය තුළ අපනයන ආදායම 12.9% කින් වර්ධනය වී ඇති බවයි.
එහි අගය අමෙරිකානු ඩොලර් මිලියන 7,678ක් ලෙස දැක්වෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
එමෙන්ම අදාළ කාලසීමාව තුළ මෙම වසරේ ආනයන වියදම ද පසුගිය වසරට සාපේක්ෂව පහළ ගොස් ඇති අතර එහි අගය අමෙරිකානු ඩොලර් මිලියන 11,315කි.
එම අගය පසුගිය වසරට සාපේක්ෂව 3.5% ක පහළ යාමක් බව මහ බැංකුව ප්රකාශ කරයි.
එමෙන්ම මෙම වසරේ පසුගිය ජුලි මාසයේ ආනයන වියදම 24.8% කින් පහළ ගොස් ඇති බව ද මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.