කෝප් කමිටුවේදී ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයාට දූෂණ චෝදනා රැසක් එල්ලවී ඇති බව අනාවරණය වී තිබේ.
ඒ අනුව මුදල් ලේකම් වරයා හට, දෙසතියක් තුල ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයක් හරහා කරුණු සොයාබලා වාර්තාවක් ලබාදෙන ලෙස කෝප් කමිටුව විසින් නියෝග කර ඇතිබව වාර්තාවේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ ඒ සම්බන්දව කරුණු දක්වමින් ප්‍රකාශ කොට ඇත්තේ.
“ගරු සභාපතිතුමනි, මේ දිල්රුක් රණසිංහ කියන සාමාන්‍යාධිකාරීවරයා දැන් ඉන්න ඕනේ බන්ධනාගාරගතවෙලා හරි පොලිස් අත්අඩංගුවේ හරි. සාමාන්‍යාධිකාරීවරයාගේ ලියාපදිංචි අංක CAC-7491 දරන වාහනයට වංචා සහගත ලෙස ඉන්ධන ගැසීමට ආයතනයේ මුදල් ලබාගැනීම. සාමාන්‍යාධිකාරීවරයාගේ දුරකථන බිල්පත් ආයතනයෙන් සම්පූර්ණයෙන්ම ගෙවා ඔහුගේ වේතනයෙන් අඩුකළ යුතු වැඩිපුර ගෙවන ලද මුදල වංචා සහගත ලෙස තම වැටුපෙන් අඩු නොකිරීම, ඇඟිලි සලකුණු නොතබා සේවයට වාර්තා කරනවා. ඒ පිළිබඳ නොසලා හැර වංචාසහගත ලෙස ලබානොගත් නිවාඩු සඳහා දීමනා අරගෙන තියෙනවා. අපනයනකරුවන් ප්‍රවර්ධනය කිරීම සඳහා සාමාන්‍යාධිකාරීවරයා වෙත වෙන්කර ඇති මුදල ව්‍යාජ බිල්පත් ඉදිරිපත් කරමින් ආයතනයේ මුදල් වංචා කිරීම ගැන අපි ළඟ තියෙනවා තොරතුරු. 2022.12.31 දින සේවයෙන් ඉල්ලා අස්වූ මූල්‍ය කළමනාකාරිනිය ඇඟිලි සලකුණු යන්ත්‍රයේ සලකුණු නොතියමින් කාර්යාල පරිශ්‍රයට පැමිණීමට අවසර ලබාදීම හා ඇගේ ප්‍රවාහන පහසුකම් සඳහා සාමාන්‍යාධිකාරීවරයාගේ නිල වාහනය ලබාදීම මගින් මූල්‍ය අංශයේ වාර්තා සහ සටහන් අස්ථානගත කිරීම.” ලෙසයි.