අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යනු විටින් විට කතා බහට ලක්වන්නේ දේශපාලන දඩයම් වෙනුවෙන් යොදාගන්නා රාජ්‍ය ආයතනයක් ලෙසයි. දේශපාලන වුමනාවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන ක්‍රියාවලින් හැර අනෙකුත් සියලුම ක්‍රියාවලින් බොහෝ විට සාධාරණ ලෙස සිදුවන බව දක්නට තිබේ.
ශ්‍රී ලංකාවේ දැඩි ආර්ථික අහේනිය හමුවේ ජනතාව පීඩාවට පත්වීම හේතුවෙන් ප්‍රශ්න විසදා දෙන ලෙස ජනතාව උද්ඝෝෂණ මාලාවක් දියත් කෙරුනේ මාස ගනනාවකට පෙර සිටයි.
එසේම වත්මන් ජනාධිපතිවරයාට රජය කරගෙන යාමට නොහැකිවන ලෙස බොහෝ කටයුතු සිදු වූ බවද නොරහසකි. ජනාධිපතිවරයා බොහෝ විට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පෙනී සිටියද රාජ්‍ය නිලධාරීන් සේම පොලිස් නිලධාරින්ද කටයුතු කලේ ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට දමමිනි. පාර්ලිමේන්තුව තුලින්ද දක්නට ලැබුනේ ජනතාව පීඩාවට පත් වන අකාරයෙන් විවිධ අනපනත් අනුමත කිරීම මෙන්ම ආණ්ඩුක්‍රම නීතියටත් එරෙහිව විවිධ ගැසට් පත්‍ර පවා නිකුත් කිරීමයි.
රජය මෙන්ම රාජ්‍ය නිලධාරීන් බහුතරයක් සිදු කල ජන පීඩක ක්‍රියාවලින් හේතුවෙන් ප්‍රශ්න ඉල්ලා ජනාධිපතිවරයාගේ මිරිහානේ නිවස ඉදිරිපිටට ගිය ජනතාවට ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කලේ විශේෂ කාර්ය බලකාය මගින් බව ඒ කාලයේම ප්‍රචාරය වූ අතර ඔවුන්ට පහර දුන් පුද්ගලයන් හදුනා ගැනීමට හැකි බව ප්‍රහාරයට ලක් වූ පුද්ගලයන් ප්‍රකාශ කරයි.
ඔවුන්ට පහර දුන් පුද්ගලයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවට ප්‍රහාරයට ලක් වූ පුද්ගලයන් අධිකරණයට පැමිණ වීමේ නූගත්, ම්ලේච්ඡ, නීතිවිරෝදී පොලිස් නිලධාරීන් කටයුතු කලේ පතාලයටත් වඩා ඉහලින් කටයුතු කරමිනි. එම ප්‍රහාරයත් සමගම මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය නැති කර දැමීමට ජනතාව කටයුතු කරන ලදී. එයිනුත් පාඩම් නූගත් ශ්‍රී ලංකා පොලිසියේ නූගත්, පටු, ජාන විද්‍යාවේ උගන්වන නිහීන ජාන ( පහත් , තුච්ච, කැත) සහිත සීමිත ජේෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ ක්‍රියා කලාපය රටක් ගිනි තැබීමට හේතු විය.
ඒ ගිනි තැබීම තුට්ටුවකට මායිම් නොකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා නැවතත් රට ගිනි තැබීමට කටයුතු කරමින් සිටි. ඒ ජනතාව දෙනෙතින් දුටු, කනින් ඇසු සත්‍ය වසන් කිරීමට කටයුතු කිරීමයි. එනම් ගාලු මුවදොර ප්‍රහාරය දැන දැනම වැළැක්වීමට කටයුතු කල පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට කටයුතු නොකිරීමයි. ඔවුන් පසෙක දමා රට පුරා ප්‍රචණ්ඩව හැසිරුණු පුද්ගලයන් අත් අඩංගුවට ගනිමින් සිටී. ඔවුන් අත් අඩංගුවට ගැනීමෙන් අරලියගහ මැදුරේ පිරිස් නොහොත් තමන්ගේ නායකයාගේ හිතවතුන් ආරක්ෂා කිරීමට කටයුතු කරනු ලබන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ ක්‍රියාකලාපය නිසා නැවතත් ජනතාව ප්‍රචණ්ඩත්වයට පත් වෙමින් තිබේ.
එහි පළමු පියවර ලෙස හෙට උද්ඝෝෂණ පැවැත්වෙන අතර 18 සිට දින තුනක් නැවතත් රට පුරා උද්ඝෝෂණ සිදු කිරීමට රාජ්‍ය සේවකයන් කටයුතු කරමින් සිටි. එදින ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන් සොයාගැනීම සදහා දැන් මහජන සහාය පැතීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
නමුත් හිටපු අමාත්‍යවරු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු , සනත් නිශාන්ත පවිත්‍රා දේවි වන්නිආරච්චි , රෝහිත අබේගුණවර්ධන, සංජීව එදිරිමාන්න, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රකුමාර , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත චන්ද්‍රසේකර, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු, ඩ්‍රෑන් ප්‍රියසාද්, මහින්ද කහඳගම, රේඛා කහඳගම, සුගත් හේවාපතිරණ, වසන්තා හඳපාන්ගොඩ, සංගීත් සිල්වා
යන පුද්ගලයන් ඇතුළු පුද්ගලයන් රැසක් මුල් අපරාධයට සම්බන්ධ වුවන් වේ. රට පුරා ජනතාව කුපිත වුයේ මොවුන්ගේ නින්දා සහගත හැසිරීම නිසාය. ඔවුන්ගේ හැසිරීමෙන් කුපිත ජනතාව අත් අඩංගුවට ගැනීමට නීතිමය වශයෙන් ප්‍රතිපාධන නැති බව පොලිස් දෙපාර්තමේන්තුවේ අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා නොදන්නේ ඇයි.
පීඩාවට පත් ශ්‍රී ලංකික ජනතාව වෙනුවෙන් පැවති සාමකාමී අරගලයට පහර දීම නිසා සමස්ත ලංකාවම කුපිත විය. එවැනි අවස්තාවක නීතිය ක්‍රියාත්මක කල යුත්තේ කෙසේද යන්න ඉතාම පැහැදිලිවම නීති පොත පත තුල සඳහන් වේ. රට පුරාම සිටි ජනතාව පහර දුන්නේ ඔවුන් පීඩාවට පත් කල රජයට සම්බන්ධ පුද්ගලයන්ටයි. ජනතාව පීඩා කලේද, ඔවුන්ගේ අරගලයට පහර දුන්නේ ද රජය විනා අන් කිසිවෙකුත් නොවේ. අත් අඩංගුවට ගත යුතු පුද්ගලයන් අත් අඩංගුවට නොගෙන අත් අඩංගුවට ගැනීමට නොහැකි නොහොත් පීඩා විඳීම හේතුවෙන් කෝපයට පත්ව සිටි ජනතාවගේ කෝපය දෙගුණ තෙගුණ කරමින් ක්ෂණිකව ඇති කල කෝපය වෙනුවෙන් ඔවුන් අත් අඩංගුවට ගන්නේ කෙසේද?. ඔවුන් අත් අඩංගුවට ගන්නේ නම් ජනතාව කුපිත කරමින් තමන්ගේ පාක්ෂිකයන්ගේ ජීවිත අනතුරේ දැමීමට කටයුතු කල ඉහත සදහන් සෘජුවම හදුනා ගත හැකි පුද්ගලයන් තවමත් නිදැල්ලේ සිටින්නේ ඇයි?.
අප දන්නේ එක දෙයකි. දේශපාලනය කල බොහෝ පොලිස් නිලධාරීන්ට සිදු වූ දේවල් අපට මතකය. එවැනි පුද්ගලයන්ගෙන් මෑතකදී කියවුනේ ශානි අබේසේකර මහතාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට මෙන්ම අනෙකුත් නිලධාරීන්ටද එය උරුම වීම වැඩි දවසක් යාමට පෙර සිදුවන බව නම් නොඅනුමානය.
එබැවින් අතීසාරෙට අමුඩේ ගැසීමෙන් සිදුවන්නේ අපරාධ කරුවන් බේරාගැනීම වෙනුවෙන් වෙහෙසෙන පොලිස් නිලධාරීන්ට අවසානයට සිදුවන්නේ අමුඩේවත් නොමැතිව ජම්පරේ ගසාගෙන හිරගෙදරටම වී සිටීමටය.
එබැවින් මුල්ම වැරැද්දේ වැරදිකරුවන් වෙනුවෙන් නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම, සාපරාධී බිය ගැන්වීම, කැරලි ගැසීම, අන්තරාදායක ආයුධවලින් තුවාල සිදු කිරීම, හිරිඔතප් බිඳීමේ අදහසින් ස්ත්‍රියකට අඩන්තේට්ටම් කිරීම, කැරැල්ලක් ඇතිකරවීමේ අදහසින් නිකරුණේ ප්‍රකෝප කිරීම, නීති විරෝධී රැස්වීමකට කුලියට ගනු ලැබූ තැනැත්තන් හට නවාතැන් ලබා දීම ඇතුළු චෝදනා රැසකින් නඩු පැවරීම සදහා වහාම ඔවුන් අත් අඩංගුවට ගත යුතුය. එසේ නොමැතිව නැවතත් ජනතාව කුපිත වීම වැළැක්විය නොහැකි වනු ඇත.
ශ්‍රී නිශ්ශංක මායාදුන්න