කොළඹ හැටන් මාර්ගයේදී දියගල ඉතා වංගු සහිත ප්රදේශයකදී ලොරි රථයකට යතුරුපැදියක් යටවී සිදුවූ රිය අනතුරකින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව වාර්තාවේ.
හැටන් දෙසසිට පැමිණ ඇති යතුරු පැදිය ඉදිරියෙන් පැමිණි හැටන් බලා ධාවනය වෙමින් තිබු සිට ලොරි රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව සදහන් වේ.
පොලීසිය සැකකරනුයේ ප්රදේශයට අධික වැසි සහිත අවස්ථාවක මෙම අනතුර සිදුව ඇති බැවින් යතුරු පැදිය ලිස්සා ගොස් ලොරි රථයට යට වන්නට ඇති බවයි.
අනතුර සම්බන්ධයෙන් ප්රවාහනය කරමින් තිබු ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.