අප්‍රේල් වන තෙක් බොරතෙල් ප්‍රමාණවත්.

අප්‍රේල් මාසය වන තුරු ප්‍රමාණවත් බොරතෙල් තොග පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මේ වන විට සපුගස්කන්ද පිරිපහදුවෙන් දිනකට ඉන්ධන බැරල් 30,000ක් පමණ පිරිපහදු කර නිකුත් කරන බවත් , නැප්තා , ඩීසල් සහ ඉන්ධන වර්ග කිහිපයක් විදුලි බල මණ්ඩලය වෙත ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලබා දෙන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු ප්‍රකාශ කළ බව කියයි.

එමෙන්ම රුපියල් මිලියන 800 ක ඉන්ධන තොගයක් ලංකා විදුලිබල මණ්ඩලයට ලබා දෙන බවත් , එම ඉන්ධන තොග සදහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් පසුව මුදල් ගෙවන බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.

අතිරික්ත පිරිපහදු ඉන්ධන තොග ගබඩා කරමින් සිටින බවත් එම ගබඩා කරන පිරිපහදු ඉන්ධන තොග නැව් මගින් ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණයට යොමු කිරීමට නියමිත බවත් ඔහු ප්‍රකාශ කරන ලදී.

Exit mobile version