අප්‍රේල් 16 දින මහනුවරදීද විශේෂ උද්ඝෝෂණයක් සහ රටට සෙත් පතා පූජාවක්.  

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මෙන්ම ලංකාව පුරා විවිධ ප්‍රදේශ වල තිබෙන විහාර සහ දේවාල වල සිටින සිවිල් පාලකයන් විසින් සිදුකරන වංචා සහ දූෂණ වලට එරෙහිව නිහඩ සාමකාමී උද්ඝෝෂණයක් සහ පා ගමනක් පැවැත්වෙන බවට තොරතුරු වාර්තා වේ.

ලැබෙන තොරතුරුවලට අනුව එදින උදෑසන 09.00 ට ( බක් පොහොය දින) ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මහමළුවේදී ආගමික වතාවත් සිදු කර එම කටයුත්ත ආරම්භ වන බවද, ඉන් අනතුරුව දියවඩන නිලමේ වෙත වහාම ඉවත්ව ස්වාදීන පරීක්ෂණයකට ඉඩ දෙන ලෙස ඉල්ලා සන්දේශයක් බාරදීමටද නියමිතව තිබේ.

ඉන් අනතුරුව ඔවුන් මල්වතු සහ අස්ගිරි විහාර වෙත පා ගමනින් ගොස් සිදුව තිබෙන වංචා, දූෂණ සහ අක්‍රමිකතා වලට එරෙහිව පරීක්ෂන ආරම්භ කිරීම ස්වාධීන නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ විශේෂ කණ්ඩායමක් පත් කරන ලෙසද, වර්තමාන දියවඩන නිලමේ තාවකාලිකව තනතුරෙන් ඉවත් කර පරීක්ෂන ආරම්භ කිරීමට ජනාධිපතිට දැනුම් දෙන ලෙසද, තාවකාලිකව දියවඩන නිලමේවරයෙකු පත් කරන ලෙසද,  පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර ලංකාව පුරාම බෞද්ධාගමට . පැරණි වෙහෙර විහාර වලට සිදුව තිබෙන හානිය සෙවීමටත් අදාළ අයට දඩුවම් ලබා දෙන ලෙසත්, විහාර දේවාලගම් පනත සංසෝධනය කිරීමට රජයට බල කරන ලෙසත් ආදී ඉල්ලීම් ගනනාවක් ඉල්ලීමට ස්වාදීන උද්ඝෝෂකයන් සූදානම් ව සිටින බව වාර්තා වේ.

ඉන් අනතුරුව මධ්‍යම පළාත් ජෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති කාර්යාලය වෙත පා ගමනින් ගොස් සම්ස්ථ ලංකාවේම සිදුව තිබෙන හානිය සොයා බැලීම සදහා ශ්‍රී ලංකා පොලිස් පතිවරයා යටතේ වෙනමම ස්වාධීන නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ පොලිස් කණ්ඩායමක් පත් කරන ලෙස දන්වා යවන ලෙස ඉල්ලීමට නියමිත බව වාර්තා වේ.

ඉන් අනතුරුව ඔවුන් නැවතත් ආගමික වතාවත් සිදුකල ස්ථානයට පැමිණ සත්‍යග්‍රහය ආරම්භ කිරීමටත්, මධ්‍යට ප්‍රකාශ නිකුත් කිරීමටත් නියමිත අතර වාර්තා වන අන්දමට ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ගණනාවකින් විශාල ජනතාවක් සහභාගි වේ. ඊට අමතරව මහනුවර ජනතාවද, මහනුවර නීතිඥවරුන්, විවිධ රැකියා කරන්නන්  ඇතුළු බුදුදහමට ආදරය කරන විශාල පිරිසක් තම ජාති, ආගම්, කුල , පක්ෂ, පාට බේද සියල්ලම අත් හැර සාමාන්‍ය ජනතාව සේ එදිනට සහභාගි වීමට නියමිත බැව් අපට තොරතුරු ලැබී තිබේ. සියල්ලම අවසන් කර සතර මහා දෙවියන්ට කන්නලව් කර එක් දේවාලයක පූජාවක් කිරීමටද නියමිතව තිබේ.

මෙම කටයුත්තට ආශීර්වාද පතා මහා සංඝරත්නයද වැඩම කිරීමට නියමිත බව වාර්තා වේ. මෙහි විශේෂත්වය නම් විවිද පුද්ගලයන් විසින් තමනට කල හැකි දේ සිදු කරමින් සංවිදානය වී තිබීමයි.  ඔවුන් සියලුම දෙනාගේ අරමුණ වී තිබෙන්නේ වෙහෙර විහාර සහ දේවාල වල මෙන්ම ශ්‍රී දළදා මාලිගාවේද ගිහි පාලකයන්ගේ වංචා දූෂණ අක්‍රමිකතා සොයා ඔවුන් එම තනතුරු වලින් පලවා හැර රටට ආගමික ශක්තිය සහ අසීර්වාදය ලබා ගැනීමට අවධානය යොමු කරවා ඒවා කරවීමට බල කිරීමයි.

Exit mobile version