පොහෝ දිනයේදී බණ්ඩාරවෙල ,බල්ලකෙටුව ,නාවෙලගම ප්‍රදේශයේ 22 හැවිරිදි තරුණයෙක් විසින් සිය සීයාට හා මිත්තණියට පොරොවෙන් පහරදී ඝාතනය කිරීමේ අනුවේදනීය පුවතක් පිළිබඳව වාර්තා වේ.
මෙසේ මරණයට පත්ව ඇත්තේ ආර්.ඩී.එඩ්වින් (80) සහ ආර්.ඩී.ගුණවතී (70) යන අඹුසැමියන් වන අතර ඔවුන්ගේ දියණියගේ පුත්‍රයා විසින් මෙම පහරදීම සිදුකර තිබේ.
සැකකරු මීට පෙර මත්ද්‍රව්‍ය චෝදනා ලබා සිටි යුද හමුදාවෙන් පළාගිය සෙබළෙකු බවත් බල්ලකෙටුව පොලිසිය ප්‍රකාශ කල අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ.