අපිට මඩ දේශපාලනය ගාවන්න එපා. මඩේ ලගින තාරාවන් කියයි.

“මඩේ ලගින තාරාවුන් නාවන්නද මන්” යන මෙම ගීතය ඇහෙන කොටම අපට මතක් වෙන්නේ “තාරාවෝ ඉගිලෙති” නාට්‍යයි. තාරාව යනු මඩේ හිටියත්, නාවා පිරිසිදුකරගත් විට මතුපිට පමණක් නොව කායිකවද පිරිසිදු අහිංසක සතෙකි. තාරාව සහ මිනිසා ගත් විට දේශපාලනය, හොරකම්, දුෂණ, වංචා, අක්‍රමිකතා, දුෂිත ව්‍යාපාරික ඝණයට වැටුණු විට  කායිකව සිදුව තිබෙන දුෂණයෙන් මුදවා ගැනීමට නොහැක. එය ශ්‍රී ලංකාවේ එසේ වුවත් වෙනත් බොහෝ රටවල් වල මෙම දුෂිත දේ නොමැති නිසා සහ ව්‍යාපාරිකයන් වුවත්, නීති රාමුවකට යටත්ව, විනයානුකූලව කටයුතු කරනා බැවින් කායිකව හෝ මානසිකව සෝධනයකට ලක් කිරීමට අවශ්‍යතාවයක් දක්නට නැති තරම්ය.

මේ වන විට ශ්‍රී ලංකාව පුරා දේශපාලන උණුසුමක් ක්‍රියාත්මක වෙයි. එය උණුසුම්ව තිබෙන්නේ දේශපාලන නායකයන්ගේ අනුගාමිකයන් අතර පමණි. නමුත් ජනතා විමුක්ති පෙරමුණ වටා පමණක් අනුගාමිකයන්ගෙන් තොරව ජනතාව එක්වන බව පැහැදිලිවම දක්නට තිබේ. කෙසේ නමුත් ,ඒ වන විට පෙරට වඩා බැස්මක් ද දක්නට තිබේ.

බොහෝ අපේක්ෂකයන් පුරුදු ලෙසම පන්සලෙන් වැඩ ආරම්භ කර තිබේ. තවත් අපේක්ෂකයන් සමාජයේ පුංචිම ස්ථාන ,  පෙර පාසල් ආදියෙන් තම ආරම්භය ගෙන තිබේ. තවත් සමහර පක්ෂ මේ සියල්ලම එකතුව කටයුතු කරගෙන යන අතර, පන්සල්වලට මුදල් ලබා දීමටද සලසුම්කර තිබේ. අප අවධානය යොමුකර යුත්තේ මෙම භාණ්ඩ සහ මුදල් ලබා දීමට ඔවුන් භාවිතාකරන්නේ කුමන අයුරින් ලබා ගත් මුදල්ද යන්නයි. රට එජනතාවට බදු ගසා, එම බදු දුෂිත ලෙස තම ව්‍යාපාරවලට ලබා ගෙන , එම මුදල් නැවතත් ජනතාවටම ලබා දෙන්නේ තම පටු අරමුණු ඉටුකරගැනිමටය.

ඒ අතරේ අවුරුදු ගණනාවක් පුරා දුෂිත නායකයන් බිහිකරමින්, තම අත  මිට සරුකරගත් ව්‍යාපාරිකයන්, ව්‍යවසකයන් ලෙස හදුන්වා ගත් දුෂිත ව්‍යාපාරිකයන්ද දැන් ජනාධිපති සටනට බැස තිබේ. නමුත් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයක්වත් තවමත් කල එළි බැස නැත.

අපට වාර්තාවන ආකාරයට, අනුර හෝ හරිණි ජනතා විමුක්ති පෙරමුණෙනුත්, සජිත් සමගියෙන්ද, පාඨලි රනිල්ගේ සහ චන්ද්‍රිකාගේ ආශිවාදයෙන් පොදු අපේක්ෂකයා ලෙසද, ධම්මික පොදුජන පෙරමුණෙන්ද, දිලිත් ජයවීර ( ඉදිරිපත්වන්නේ කුමන පක්ෂයකින්ද යන්න වාර්තා නොවේ), උවිදු විජේවීරද ජනාධිපතිවරනයට ඉදිරිපත්වීමට නියමිතව තිබේ.

දිලිත් ජයවීරද මෙම සටනට බැස තිබේ. ඔහුගේ අභිප්‍රාය ජනතා විමුක්ති පෙරමුණට ගොස් තිබෙන මහින්ද රාජපක්ෂලාගේ ඡන්ද ලබා ගැනීමයි. ඔහු දීර්ඝ කාලයක් තිස්සෙම රාජපක්ෂවරුන් සමග සිටි අතර ඔවුන් සමග ඔහු කල කි දේ විශ්වය පුරාම රැව් පිළිරැව් දෙමින් තිබේ. ඔහු මහනුවරදී ප්‍රකාශ කලේ මඩ දේශපාලනයට ඔහුව ඈඳා නොගන්නා ලෙසයි. රාජපක්ෂවරුන් සමග සිටිමින් ශ්‍රී ලංකාව විනාශ කිරීමට අවශ්‍ය සම්පුර්න මාධ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ ඔහුගේ මාධ්‍ය නාලිකාවය. කැළණියෙන් නාගලෝකයට ගිහින්, ගෝඨාභය වෙනුවෙන් ධාතු වැඩම්මුවේ ඔහුගේ නාලිකාවය.

ශ්‍රී ලංකාවේ මඩ දේශපාලනය නගා සිටුවීමට ශ්‍රී ලංකාවේ ප්‍රධාන රුපවාහිනි නාලිකා විශාල දායකත්වයක් ලබා දුන්නේය. එසේම මෙම නාලිකාවන් සිංහල භාෂාව     විනාශ කිරීමද දිගින් දිගටම සිදුකරගෙන යන්නේ ය. භාෂාව සංවර්ධනය කර ආරක්ෂා වීමටනම්, නිවේදක නිවේදක. නිවේදිකාවෝ සිංහලෙන් වැඩසටහන් මෙයවද්දී, ඉංග්‍රීසි වචන මැදින් නොයෙදුය යුතුය. ජාතියට , රටට ආදරය කිරීම ආරම්භ විය යුත්තේ එතැනිනි. නමුත් ප්‍රධාන නාලිකා භාෂාව පමණක් නොව රටේ සංස්කෘතියද වනසා තිබේ.

ඒ අතරේ එක්ෂත් ජාතික පක්ෂයේද ඡන්ද එකතුකිරිම ආරම්භව තිබේ. එය ආරම්භ වුයේ කාටත් නොදැනෙන ලෙසය. ප්‍රාදේශීය සභා අපේක්ෂකයන් හරහා එය ඉතාම සියුම්ව ආරම්භ වී, පසුගියදා සාගල රත්නායක මහතා මරදානෙන් වැඩ ඇල්ලුවේය. මේ වන විට, පෙර පාසල්, පන්සල් ඔවුන්ගේ ග්‍රහණයට නතුවෙමින්, භාණ්ඩ හා උපකරණ ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිටි. පන්සල් ද කේන්ද්‍රකොට ඔවුන්ගේ මැතිවරණ ඉලක්කයට සෙමින් සෙමින් ලඟා වෙමින් තිබේ.  එසේම සනත් නිශාන්ත වැන්නවුන් සමාජ මාධ්‍ය අවභාවිතා කරමින් ඉතාම පහත් ලෙස, තමන්ගේ ප්‍රතිපක්ෂ අපේක්ෂකයන්ට අපහාස කරමින් සිටි.

කරුණු කෙසේ වුවත්, ජනාධිපති ලෙස මන්ත්‍රීවරුන් ලෙස පත්කරගැනීමට පෙර, අප ඔවුන්ගේ අතෙත ක්‍රියාකාරකම් දෙස අවධානය යොමුකළ යුතුමය. සෑම අතකින්ම හොද නායකයන් සොයාගැනීමට අසීරු යුගයේ, ආසන්න වශයෙන්ම හොද මිනිසුන් පත්කරගැනීම ජනතා වගකීමකි.

එබැවින් අපකළ යුත්තේ මඩ ගෑවුණු මිනිසුන් දේශපාලනයෙන් පන්නා දැමීමයි. එසේම මීට පෙර දේශපාලන නායකයන් වෙනුවෙන් කඩේ යමින් තම ව්‍යාපාර හරහා බිලියන්පතියන් වූ,  ඉන් අනතුරුවත් කූට ව්‍යාපාරවල යෙදෙමින් ජනතාවගේ බෙල්ලට තොණ්ඩු දැමු කිසිවෙකුත් පත් නොකර, යහපත් මිනිසුන් පමණක් ජනතා නියෝජිතයන් ලෙස පත්කරගැනීමට කාලය එළඹ තිබේ.

Exit mobile version