“අපි වෙනස්” මහඕමාර විදුහලට සතුට අරන් පියඹයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ, වැලිගෙපොල ප්‍රාදේශීය ලේඛම් කෝඨිඨාශයට අයත් රංවල මහඕමාර විද්‍යාලය යනු බලන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් දුෂ්කර පාසලකි. අධ්‍යාපන බලධාරීන්ගේ නෙත නිසි ලෙස නොගැටුණු මෙම විද්‍යාලයේ අඩු පාඩු රාශියක් තිබේ.

එම අඩු පාඩු කිහිපයක් හදුනා ගත් “ අපි වෙනස්” සංවිධානයේ සභාපති ගොඩකවෙල බණ්ඩාරවත්ත ලී මෝල අධිපති සිසිර කුමාර මහතා සහ   සිම්පල් ඉන්ජිනීරියන් හී අධිපති අජිත් කුමාර මහතාගේ මුල්‍යමය දායකත්වයෙන් එම විද්‍යාලයේ දු දරුවන් වෙනුවෙන්  විද්‍යාලයේ පුස්තකාලයට අඩුවක්ව පැවති බාහිර කියවීම් පොත් ලබා දෙන ලදී.

තවද එම විද්‍යාලයයේ තෝරා ගත් ඉතා දිළිදු දු දරුවන් 25 දෙනකු සදහා කොපි පොත් කට්ටල් 25ක් සුනේත්‍රා මල්කාන්ති මැතිනියගේ මැදිහත් වීම මත එම දු දරුවන් හට බෙදා දෙන ලදි.

එහිදී, කාම රකුසාගෙන් හා මත්ද්‍රව්‍ය රකුසාගෙන් මිදී ඉතා සුරක්ෂිතව ළමා කාලය ගෙවන ආකාරය පිලිබදව  ඇඹිලිපිටිය ප්‍රජා පොලිස් අංශයේ අමාලි රණතුංග මහත් මිය විසින් දේශනයක්ද පවත්වන ලදි.

රටේ අනාගත වගකීම් හිස දරමින් ටිකෙන් ටික පිපෙන මල් කැකුළු තව තවත් ශක්තිමත් කිරීම සඳහා මෙවැනි වැඩසටහන් මහත් රුකුලක් වනු ඇත.මෙවැන්නක්  කළ යුතුය යන හැඟීම පවා මිනිස් සිතක හට ගැනීම පෙර භවයේ පුණ්‍ය කර්මයන්ට අනුව සිදුවන්නක් විය යුතුය.

කෙසේ නමුත් මෙම “අපි වෙනස්” කණ්ඩායම විසින් සිදු කරනු ලබන මෙවැනි සමාජ මෙහෙවර නම් කෙතරම්ද යන්න ඇගයීමට පවා නොහැකි තරම් අගනේය.මීට ඉහතදී ද රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි රක්වාන රෝහලේළමා ඒකකය සඳහා මෙම කණ්ඩායම විසින් පුස්තකාලයක් පරිත්‍යාග කරන ලදී.

Exit mobile version