අපි හදන්න එන්න කලින් ඔයාලගේ ළමයි හදාගන්න. පියාට පෙනේ පිප්පු නියෝජ්‍ය විදුහල්පතිනිය ආයෙත් ළමුන්ගෙන් පලි ගනී.(වීඩියෝ)

පසුගිය දා මැණික් හින්න බාලක පාසලක නියෝජ්‍ය විදුහල්පතිනියක විසින් දරුවෙකුගේ කොන්දේ පහර සිටින සේ කරන ලද පහරදීමක් සම්බන්ධයෙන් අනාවරණයක් සිදුවිය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අප පලකළ  වීඩියෝව තුළින් පැහැදිලිව එම නියෝජ්‍ය විදුහල්පතිනියගේ නොමනා හැසිරීම මෙන්ම නොමනා භාෂා විලාසය ද පිළිබිඹු වෙයි. එසේ තිබිය දී අපට ලැබුණ නව වාර්තාවලට අනුව එම පහරකෑ දරුවාගේ පියාටම පැමිණ මෙම විදුහල්පතිනියගෙන් සමාව ගැනීමට ද සිදුව ඇති බව වාර්තා වේ. එය සිදුව තිබෙන්නේ වීඩියෝව සමාජ ගතවීමත් සමග වන අතර එම පියාට ගුරුවරුන්ට වැද සමාව ගැනීමට සිදුව තිබේ.

දරුවන්ට පහර දී දරුවගේ පියාට අසික්කිත ලෙස බැන වැදුනු මෙම ගුරුවරියගෙන් සමාව අයදින්නේ කිනම් අවශ්‍යතාවයකට ද?. පාසලක ළමුන් මෙන්ම පරිපාලනය ද පාලනය කිරීමේ විශාල වගකීමක් සහිත නිලධාරිනියකගේ හැසිරීම මෙවැන්නක් වූ විට එම පාසලෙන් සමාජයට ලැබෙන ප්‍රතිරූපය ධනාත්මක විය නොහැක.එහි දී පාසල තුළින් එළියට පැමිණෙන දරුවන් ද මෙවැනි කෝපාවිශ්ට පරපුරක් වනු ඇත.

මේ සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය වෙත පැමිණිලි අංක Cc/22/11/646 යන අංක යටතේ පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.ඒ අනුව මේ සම්බන්ධ වගකිව යුතු අංශයක් වශයෙන් ළමා ආරක්ෂණ අධිකාරිය විසින් මෙම සිදුවීම පිළිබඳ සොයාබලා ගතයුතු ක්‍රියාමාර්ග ගනු ඇතැයි අපේක්ෂා කරන්නෙමු. නමුත් මීට පෙර අප වාර්තාකළ කිසිදු සත්‍ය පුවතකට ළමා ආරක්ෂක අධිකාරිය ක්‍රියාත්මකව නැති අතර අප ඒ පිලිබඳව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්චාවේදී ද දැනුම් දී තිබේ.

කෙසේ නමුත් දරුවෙක්ට එසේ පහර දීමේ අයිතියක් කිසිදු ස්ථානයක සඳහන් කර නොමැත.නමුත් මෑත කාලීනව මෙවැනි ළමා අපයෝජන සිදුවීම් රාශියක් මෙරට තුළින් වාර්තා වීම අවාසනාවට කරුණකි.

 මෙම සිදුවීම සම්බන්ධයෙන් පාසල ඉදිරිපිටට රැස්වූ දෙමාපියන් පිරිසක්විසින් විරෝධතාවයක නියැලුනු අතර ඊට ද පොලිසියෙන් බාධා එල්ල විය.

කෙසේ නමුත් උද්ගෝෂණයට පසු දින අදාළ විදුහලේ විදුහල්පති විසින් තමන්ට පක්ෂග්‍රාහී දෙමාපියන් පිරිසක් ගෙන්වා එම නියෝජ්‍ය විදුහල්පතිනිය තම පාසලට අවශ්‍ය බව සදහන් කරමින් උද්ගෝෂණ පවත්වන ලෙසත් ,පොලිසියට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසත් උසිගන්වා තිබේ.

එම උසිගැන්වීමට ප්‍රතිචාර දක්වමින් පැමිණිල්ලක් සිදු කිරීම සදහා මැණික් හින්න පොලිස් ස්ථානය වෙත පැමිණි එම දෙමාපියන් ඉදිරිපත් කළ පැමිණිල්ල බොරු පැමිණිල්ලක් මෙන්ම පදනම් විරහිත කුමන්ත්‍රණයක් බවට වටහාගත් මැණික් හින්න පොලිස් ස්ථානාධිපති එම දෙමාපියන් පිරිස පොලිස් ස්ථානයෙන් පන්නා දමා ඇත.

කෙසේ නමුත් සාමාන්‍ය නීතියට අනුව යම් පුද්ගලයෙක් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සදහා පොලිස් ස්ථානයට පැමිණියහොත් එම පැමිණිල්ල අනිවාර්යෙන්ම පොලිස් ස්ථානය විසින් බාරගැනීම සිදු කළ යුතු වුවත් මෙවැනි අවස්ථාවක මහජනතාව අතර ගැටුම් ඇති කිරීම වැළක්වීමට පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි පිරිසට ගුරුවරියගේ වැරදි නිවැරදි කරගෙන දරුවන් සහ දෙමාපියන් සමග සහයෝගයෙන් කටයුතු කරන ලෙස උපදෙස් ලබා දෙමින් අවශ්‍ය නම් පැමිණිල්ලක් සිදු කරන ලෙසද සදහන් කර ඇත.

එමෙන්ම අවාසනාවට කරුණ නම් මෙම පහර කෑමට ලක් දරුවන් සහ දරුවන්ගේ දෙමාපියන්ට ඔවුන්ගේ පන්තිභාර ගුරුවරිය සහ දරුවන්ට පහරදුන් නියෝජ්‍ය විදුහල්පතිනිය එක්ව තව දුරටත් පිඩාවට පත්වන අයුරින් කටයුතු කිරීමයි.

මෙසේ දරුවන් පිඩාවට පත්කරන බවට පැමිණිල්ලක් මෛත්‍රී මහින්දරත්න යන මහතා විසින් කලාප අධ්‍යාපන කාර්යාලය වෙත ඉදිරිපත් කර ඇත. අදාල ලිපි පහතින්.මේ සමගම අපට එම පහරකෑමට ලක් දරුවාගේ පන්තිභාර ගුරුවරිය වන නිල්මිණි ගනේගලගේ හඬ පට කිහිපයක්ද සාක්ෂි වශයෙන් හමු වූ අතර එම හඬ පට තුලින්ද මෙම ගුරුවරියන්ගේ අසික්කිත කතා විලාශය මෙන්ම දරුවන් කෙරෙහි අති ද්‍රෝහී සිතද හොදින් පෙන්නුම් කරයි.

ඉගෙනගත් උගත් බුද්ධිමත් පුද්ගලයෙකුගේ කතා විලාසයක් මෙම නියෝජ්‍ය විදුහල්පතිනියගෙන් අපට දක්නට නොලැබේ.නමුත් ඉගෙනුමට පැමිණෙන කුඩා දරුවන් මෙසේ පිඩාවට ලක් කරමින් සිදු කරන සෙල්ලම් වහ නවතා දැමීමට බලධාරීන් කටයුතු කළ යුතුව ඇත.

Exit mobile version