මෙවර පළාත් පාලන මැතිවරණය සදහා අපේක්ෂකයන් 80720 දෙනකු ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.
මැතිවරණ කොමිසන් සභාව නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශයට පත්කොට ඇති බවයි වාර්තා වන්නේ.
එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වී ඇත්තේ මාර්තු 9 වන දා පැවැත් වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සදහා ලියාපදිංචි දේශපාලන පක්ෂ 80 න් හා ස්වාධීන කණ්ඩායම් 329කින් අපේක්ෂකයන් 80720ක් ඉදිරිපත් වී ඇති බවයි.