අපේ කාලයේ ගුරු ගීතයක්.

ලෝකයේ අම්මාගෙන් තාත්තාගෙන් පසු ළමයෙකුගේ හදවත හොඳින්ම හඳුනන පුද්ගලයා ගුරුවරයායි. එවන් වටිනා ගුරු පියෙක් සිය අත්දැකීමක් මෙසේ වචන බවට හරවා ඔහුගේ මුහුණු පොත තුළ සටහන් කර තිබුණි.

ගුරු ජීවිතයේ මතක සටහන්

“මම පංතියට ආව වෙලේ ඉදන් වෙනදා හිනා වෙලා ගෙදර වැඩ මතක් කරන පුංචි දුව අද කලබල වෙලා කොල කෑල්ලක මොනාදෝ ලිය ලිය යාලුවෝ කිප දෙනෙක්ට යවනවා . මන් ඒ පැත්ත බලද්දී පොත දිහා බලන් ඉන්නවා වගේ රඟපානවා..
වෙන්දා ලස්සනට පාඩම අහන් ඉන්න මේ පුංචි දුවගේ මුණ අදුරු වෙලා..
මං කාටත් නොදෙනෙන්න හොරෙන්ම එක කොල කෑලලක් අරගෙන දිග ඇරලා බලද්දී තිබ්ණේ පහල තියෙන පුංචි සටහන..

හොර පාලකයෝ සුර සැප විදිදී අපේ පුංචි පැටව් එක දවසක් පාසලට එන්න ලොකු සටනක් කරනවා. ලස්සනට තිබුණු අපේ රට මුන් ඔක්කොම එකතු වෙලා විනාශ කරලා.
තව ටික ද්වසකින් පොසතුන්ට පමණක් අධ්‍යාපනය සීමා වේවි. දැන් රටේ තත්වෙත් එක්ක පොතක් , පෑනක් අරන් දෙන්න ගොඩක් හැකියාවක් දෙමාපියන්ට නෑ.

ඇයි පුතේ අද සල්ලී ගෙන්න බැරි උනාද..??

සර් සල්ලී ගේන්න ගෙදර සල්ලී නෑ ඉස්සර වගේ.. තාත්තට, අම්මා අපි හරි අමරුවෙන් ජීවත් වෙන්නේ.. කඩේකට ගිහින් එද්දී තාත්තා සතියක් මහන්සි වෙලා හොයපු සල්ලි විනාඩියෙන් ඉවරයි..

අපි හැමොටම අමාරුයි තමා පුතා මොනා කරන්නද..?

මට තව රුපියල් 10 ක් මදි හවස ගෙදර යන්න. මං යාලුවෝ 5 දෙනෙකුට මේ වගෙ ලිව්වා. සෙනුකාට ලිව්ව එක තමා සර් ගත්තේ..අනේ අම්මට නම් කියන්න එපා මෙහෙම ළමයින්ගෙන් සල්ලී ඉල්ලවන්වා කියලා.
මට විශ්වාස නෑ සර්‍ර් මේ ලස්සන ස්කෝලෙට දිගටම එන්න පුලුවන් වෙයිද කිය්ලා…
ඇයි සර් පුංචි අපට මෙච්චර දුකක්..
😥
වචන එන්නේ නැතුව ළමයෙක් ඉස්සරහ ගොත ගැහුණ පලවෙනි අවස්ථාව මගේ ජීව්තේ..”

උපුටා ගැනීම – ප්‍රබෝධ සම්පත්

උදේ හවස තමන්ගෙන් සිප්සතර හදාරන ආදරණීය සිසු දියණියකගේ දුක්බර කතාවක් මොහු මෙසේ වචන බවට හරවා ඇත්තේ ඉවසාගත නොහැකිම තැන විය හැක.

රට මේ වන විට වැටී ඇති ආගාදයේ තරම හොඳින්ම දැනෙන්නේ AC කාමරවලට වී වීදුරු අස්සෙන් එබී බලන පාලකයන්ට නොව මේ අහිංසක ජනතාවටයි.

එදා වේල කන්න නැතුව, ළමයගෙ කුස පුරවන්න අහරක් නතිව හිතින් මැරි මැරී උපදින අම්මාවරු පියවරු කොපමණ අද අපේ රට තුළ සිටිනවාද.

නමුත් ඒවා ගැන සතේකට මායිම් නොකරන මේ බත් බැලයො සහ බල ලෝභී කෑදර නිවට දේශපාලුවන් තවමත් බල අරගලයේ තමන්ගේ මඩිය පුරවාගන්න දඟලයි.

සැබෑ ගුරුපියෙක් විසින් ගෙත්තම් කළ මෙම කතාව මගේ මෙන්ම ඔබගේ දරුවාගේද කතාවක් වීමට වැඩිකල් ගත නොවනු ඇත.

Exit mobile version