විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි තරුණයන් 13 දෙනකු හැටන් හා වටවල පොලිසි මගින් අත් අඩංගුවට ගෙන ඇත
අද 18වන දින හැටන් දුම්රිය ස්ථානයේදි හැටන් පොලිසියේ නිලධාරින් විසින් කරන ලද සෝදියකදි විවිධ මත් ද්‍රව්‍ය රැගෙන පැමිනි තරුණයන් පස් දෙනකු අත් අඩංගුවට ගත් බවත් මෙම පිරිස ගම්පහා, යක්කල, යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 20ත් 25ත් අතර පිරිසක් බව හැටන් පොලිසියේ නිලධාරියකු පැවසිය.
ශ්‍රිපාද වන්දනාකරුවන් රැගෙන පැමිනෙන රථ වාහන වටවල ප්‍රදේශයේදි කරන ලද පරික්ෂාවකදි විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි තරුණයන් අට දෙනකු අත් අඩංගුවට ගත් බව වටවල පොලිසියේ නිලධාරියකු පැවසිය.
මෙම පිරිස කුරුණැගල, මාතලේ, නිට්ටබුව යන ප්‍රදේශවල සිට පැමිනි අවුරුදු 21ත් 25ත් අතර තරුණ පිරිස බවද එම නිලධාරියා පැවසිය.
මෙසේ අත් අඩංගුවට ගන්නා ලද එම පිරිස හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බවද එම පොලිස් නිලධාරින් වැඩි දුරටත් පවසන ලදි.