මිය ගිය සියලුම අලි ඇතුන් සමරණ ගෝලීය දිනය හෙට (22) . ශ්‍රී ලංකාවත් එකතු වෙයි .

අපේ රටේ මෙන්ම ලෝකයේ ද රක්ෂිත වනාන්තර තුළ නිදහසේ ඇවිද දිවි ගෙවන අලි ඇතුන් මෙන්ම යම් යම් ස්ථානවලට කොටු වී දුක්ඛිත දිවියක් ගත කරන අලි ඇතුන් පිළිබඳව ද අසන්නට දකින්නට ලැබෙන අවස්ථා ඉතා සුලබ වී ඇත.

වනාන්තර තුළ නිදහසේ දිවි ගෙවුවද ඔවුන්ගේ විශාල කුස පුරවා ගැනීමට තරම් අහරක් මේ වන විට වනාන්තර තුළ නොමැති වී ඇත්තේ මිනිස් වර්ගයාගේ අයහපත් හපන්කම්වල ප්‍රතිඵලයක් ලෙසිනි.

එසේ වනාන්තර තුළ දුක්ඛිත දිවියක් ගතකරමින් සිට හෝ අප වර්ගයාට සේවය කර හෝ ඇතැම් අවස්ථාවලදී තිරිසන් මිනිසුන්ගේ වෙඩිපහරට ලක්ව හෝ මිය ගිය අප දන්නා මෙන්ම නොදන්නා අලි ඇත් සම්පත සිහිපත් කරමින් සිදු කරන අපූර්ව වැඩ සටහනක් පිළිබඳ අපට අසන්නට ලැබුණි.

එය නමින් “WORLDWIDE VIGIL FOR ELEPHANTS” ලෙස හඳුන්වන අතර එතුළින් ලොව පුරා මියගිය අලි ඇතුන් සිහිපත් කිරීම සිදු කරයි.

මෙම දි‍නය වසර 04ක පමණ කාලයක සිට පවත්වනු ලබයි. ලංකාවේ නම් මෙවර මෙම වැඩසටහන් සංවිධානය වී ඇත්තේ 03 වන වරටයි . හෙට 2022 01 22 දින දියත උයන එළිමහන් රංග පීඨයේදී මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම වැඩසටහන ඔස්සේ ලංකාවේ මියගිය අලි ඇතුන් සිහිපත් කර ඔවුන්ට පාන්සකූලය දී පින් අනුමෝදන් කිරීම සිදු කරයි.

එමෙන්ම ඉන් අනතුරුව වර්තමානය වන විට මෙම අලි-ඇත් සම්පතට මුහුණ පෑමට සිදුව ඇති කටුක ඉරණම සම්බන්ධයෙන් කියවෙන වීදි නාට්‍යයක් ද දර්ශනය කිරීමට නියමිතව ඇත.

තව ද විශාරද අමිල විජේරත්නයන්ගේ අලි පිළිබඳ ලියවුණ ගීතයක් ද ගායනයෙන් අනතුරුව ඉටිපන්දම් දල්වා එම වැඩසටහන සමාප්ත කිරිමට කටයුතු යොදා ඇත.

මියගිය අලි ඇතුන් වශයෙන්,

01.දිව ඇති තුරාවට ලංකාව තුළ වහල්භාවයේ සිට මියගිය කණ්ඩුල හා මැණිකා

02.අපේ රටෙන් යවන ලද පිටරටක සත්ත්ව උද්‍යානයක සිරව සිට මියගිය මේරි

03.2021 වර්ෂය තුළ දී අලි මිනිස් ගැටුම හේතුවෙන් මියයන ලද 369ක් වන අලි ඇතුන්

04.200 – 2014 කාලය පුරා අලි ජාවාරම හේතුවෙන් මියගිය ගණන් කළ නොමැති අලි පැටවුන් සහ අලි අම්මාවරුන්

05.2021 වසර තුළ දී ලොව පුරා මියගිය අලි ඇතුන්

අලි ඇතුන්ට ආදරය කරන ….

අලි ඇතුන් සංරක්ෂණයට,

අලි ඇතුන්ගේ සුබසාධන සඳහා සහ අලි ඇතුන්ගේ අයිතිවාසිකම් සුරැකීම පිළිබඳව උවමනාවක් උනන්දුවක් කැපවීමක් තිබෙන

ඔබ සැමට කරන ආරාධනයයි!

වැඩසටහන පැවැත්වෙන ස්ථානය – Vgil4Elephants 2022 Sri Lanka

දියත උයන එළිමහන් රංග පීඨය – 2021 01 22 හවස 04.00 සිට

(රාජගිරිය දෙසින් දියවන්නා ඔය අසබඩ දියත උයනට 750m පමණ පෙර UCL විශ්ව විද්‍යාලය අසල)

(වාහන නැවතීම දියත උයන Car park.එහි සිට රංගපීඨය වෙත ඔබ ගෙනයාම සඳහා 3.30 සිට 05.00 දක්වා ත්‍රීරෝද රථ පහසුකම් යොදා ඇත)

රාවණා සටහන

මිනිසුන්යැයි සලකන නොමැනිස් ක්‍රියාකාරකම් හමුවේ දිවි අහිමි වූ මෙම අහිංසක සතුන් වෙනුවෙන් අපගේ ද හද පිරි සංවේගය ප්‍රකාශ කරන අතරම මෙවන් විනාශයන් ඉදිරියේ දී සිදු නොවීමට බලධාරීන්ගේ ද නෙත් සිත් යොමුවේවා කියා ද අප රාවණා මාධ්‍ය ජාලය ප්‍රාර්ථනා කර සිටිමු! මිනිසුන් වන අපට මෙන්ම ඔවුන්ට ද මෙලොව නිදහසේ තම ජීවිතය ගෙවීමේ අයිතිය ඇත.

අප විසින් මින් පෙරදීද මෙවන් අලි – ඇතුන් පිළිබඳ කරන ලද තවත් අනාවරණයන් කිහිපයක් පහතින්,

https://www.ravanalankanews.lk/4134/10/%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%94%e0%b6%bd-%e0%b6%87%e0%b6%ad%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9a%e0%b6%9a%e0%b7%94%e0%b6%bd-%e0%b6%9a%e0%b7%90%e0%b6%a9%e0%b7%96%e0%b7%80%e0%b7%9a/57/07/

https://www.ravanalankanews.lk/5655/11/%e0%b7%83%e0%b7%94%e0%b6%bb%e0%b6%9a%e0%b7%92%e0%b6%b8%e0%b7%94-%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b7%83-%e0%b6%87%e0%b6%ad%e0%b7%94/38/11/

Exit mobile version