අපොස උසස් පෙළ උපකාරක පන්ති අද දිනයේ පමණයි.

අද (17) දින මධ්‍යම රාත්‍රීයේ සිට අපොස උසස් පෙළ උපකාරක පන්ති සංවිධානය හා මෙහෙයවීම තහනම් කර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසන්නේ උසස් පෙළ විෂයන් සම්බන්ධව දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු හා අනුමාන ප්‍රස්ණපත්‍ර මුද්‍රණය, බෙදාහැරීම් හා ඒ සම්බන්දව පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත්, මුද්‍රිත වැනි ක්‍රම මගින් ප්‍රචාරණය හා ප්‍රසිද්ධ කිරීම තහනම් බවයි.

මෙම උපදෙස් කඩකරන ඕනෑම පුද්ගලයන්, ආයතන හෝ පාර්ශවයන් සදහා නීතිමය පියවර ගන්නා බවත් ඕනෑම අයකු මෙම නීතීන් උල්ලංගනය කිරීමක් දැනගත හොත් පොලීසිය හෝ  විභාග දෙපාර්තමේන්තුවේ 1911 ක්ෂනික දුරකථන අංකයට දැනුන් දෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කොට තිබේ.

මෙවර 2022  අපොස උසස් පෙළ විභාගය ජනවාරි 23 සිට පෙබරවාරි 17 වන දින තෙක් පමණක් වන අතර මෙවර ව්භාගය සදහා අයදුම්කරුවන් 331709 දෙනකු පෙනී සිටීමට නියමිතව තිබේ.

Exit mobile version