පියා විසින් අභ්‍යවකාශය තරණය කර වසර 60ක් පමණ සපිරෙන විට ඔහුගේ දියණිය ද එම ජයග්‍රහණය අත්කරගැනීමට සමත් වීම දුර්ලභ වුවත් පසුගිය දා එය යථාර්ථයක් බවට පත්කළ පුවතක් ඇමරිකාවෙන් අසන්නට ලැබුණි
ඇමරිකාවේ පළමු අභ්‍යවකාශගාමියා වශයෙන් ඇලන් ෂෙෆර්ඩ් හැඳින්වුණේ ඔහු 1961 වසරේ මැයි 05 වනදා මර්කරි නම් යානයෙන් අභ්‍යවකාශ ගතවීමත් සමගය.
අවාසනාවකට ඔහු 1998 වසරේ සිය ජීවිතයෙන් සමුගෙන ඇත.
කෙසේ නමුත් මේ වන විට ඇලන් ෂෙෆර්ඩ් අභ්‍යවකාශය ජයගෙන වසර 60ක් පමණ වන විට ඔහුගේ දියණිය වන ලෝරා ද අභ්‍යවකාශය වෙත යාමට සමත් වී ඇත.
ඇය මෙසේ අභ්‍යවකාශගත වන්නේ ජෙෆ් බෙසෝස් ගේ බ්ලූ ඔරිජින් ස්පේස් සමාගම සතු වාණිජ්‍ය අභ්‍යවකාශ යානාවේ ගමනකට එක්වෙමින් වන අතර ඇය මේ වන විට 74 වියෙහි පසුවන්නීය.
කෙසේ නමුත් සිය අභිලාශයට වයස බාධාවක් කර නොගනිමින් ඇය ඇගේ පියා ගමන් ගත් මාර්ගයම සොයා ගයා විය හැකිය.
ලොවි සිටින විශාලතම ධනවතුන්ගෙන් අයෙක් වන බෙසොස් ගේ අරමුණ වී ඇත්තේ අභ්‍යවකාශය සඳහා සංචාරකයින් ගෙන යාමයි.