අභියෝගයන්ට අභියෝගයක් වෙමින් රත්නපුර පාසල් ශිෂ්‍යභටයන් දහසක් විසිර යයි (වීඩියෝ)

ජාතික ශිෂ්‍යබට බළකායේ 08වන බලෑනියේ අණ දෙන නිලධාරී තුමන්ගේ මෙහෙයවීම මත කොරෝනා වසංගතය අභියෝගයක් වූ මොහොතක නොසැලී සිටිමින් ජයග්‍රහණ ලබාගත් සිසු දරුවන් ඇගයීමේ වැඩසටහනක් පසුගිය දා සබරගමු පළාත් ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

එහිදී ශිෂ්‍යබටයන් 1000කට පමණ සහතික පත් ප්‍රධානය කරන ලදී.මෙම වැඩසටහනේ ප්‍රධාන ඇරමුණ වූයේ කොරෝනා වසංගත කාලය තුළ පැමිණි අභියෝග අභියෝගයක්කොට නොසලකමින් අභියෝග ජයගත් සිසුන් ඇගයීමයි‍. මේ සඳහා සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මැතිතුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

එහිදී අදහස් දැක්වූ සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සඳහන් කළේ සබරගමුවේ සෑම පාසලකම ශිෂ්‍ය බට කණ්ඩ ආරම්භ කළ යුතු බවත් එයින් සිසු දරුවන්ගේ කාර්යශූරත්වය, නායකත්වය දියුණු කළ හැකි බවත්ය.

එමෙන්ම ශිෂ්‍ය බටයන්, තූර්ය වාදක කණ්ඩයන් පෙරටුකොටගෙන ආචාර්යය පෙළපාලියෙන් සබරගමු පළාත් සභාව වෙත පැමිණි අතර මෙම උත්සවය සඳහා ගරු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාට අමතරව  සබරගමු පළෘත් අධ්‍යාපන තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම්තුමිය ජානකී මහත්මිය, ශිෂ්‍යබට බළකායේ සබරගමු පළාත් අධ්‍යක්ෂ ශාන්ත සමරවීර මහතා, සබරගමු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගී විය.

ඊට අමතරව සබරගමුව පළාත් රත්නපුර දිස්ත්‍රික්කයේ පාසල් 65ක විදුහල්පතිවරුන් සහ ශිෂ්‍ය භටයන් 1000 ක් මේ සඳහා සහභාගී විය.

Exit mobile version