අරණායක – ගොඩගම ප්රදේශයේ පිහිටි අම්බලමක තිබී සියදිවි නසාගත් 33 හැවිරිදි පුද්ගලයෙකුගේ සහ එම ස්ථානය අසළ තිබී 9 හැවිරිදි ගැහැණු දැරිවියකගේ සහ 6 හැවිරිදි පිරිමි දරුවෙකුගේ මළ සිරුරු සොයා ගත් බව වාර්තා වේ. මොවුන් තිදෙනා එකම පවුලේ පිය සහ දරුවන් දෙදෙනා බව සදහන් කරයි. එමෙන්ම මෙම සිද්ධියට පවුල් ආරවුලක් හේතු වන්නට ඇති බව පොලිසිය සැක පළ කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අරණායක පොලිසිය වැඩි දුර විමර්ශන ක්රියාත්මක කරන බව සදහන් කරයි.