රත්නපුර ප්‍රදේශයේ තරුණියක් අභිරහස් ලෙස ඝාතනය කර තිබියදී සොයාගත් පුවතක් වාර්තා වේ.
මෙලෙස ඝාතනයට ලක්වූ තරුණිය නිරිඇල්ල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි වියේ පසුවූ තරුණියක් වන අතර ඇය මීට මාස කිහිපයකට පෙර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු අවසන් කර උපාධිය ලබා තිබේ.
ඥතීන් පවසන ආකාරයට අද උදෑසන 6.30ට පමණ රැකියාවට යාම සදහා නිවසින් පිටවී ඇති අතර පසුව ලබාගත් ඇමතුමකදී ඇයගේ දුරකථනය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් සිදුකල සොයාබැලීමකදී නිවසට මීටර් 200ක් පමණ දුරින් වූ බෝක්කුවක් යට තිබියදී ඇයගේ මළ සිරුර හමුවී තිබේ.
රත්නපුර පොලිසිය මෙම ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.