ඊයේ (14) පස්වරුවේ මෝටර් රථයකින් පියෙකු සහ ඇගේ දියණිය අනතුරට පත් කරමින් මෝටර් රථයේ රියදුරු පළාගොස් ඇති අතර මීරිගම පල්ලෙවෙල ප්රදේශයේදී පොලීසිය විසින් අදාළ මෝටර් රථකරු අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම මීරිගම පස්යාල මාර්ගයේ කොටකන්ද හන්දිය ආසන්නයේදී මෙම අනතුර සිදු වී ඇති අතර එම අනතුරින් ජිවිතක්ෂයට පත් වී තිබෙන්නේ 54 හැවිරිදි පියෙකු සහ 14 හැවිරිදි ඔහුගේ දියණියයි.
මෙම අනතුර සිදුව ඇත්තේ අදාළ දැරිය උපකාරක පන්ති අවසන් වී තම පියා සමඟ නිවසට පැමිණෙමින් සිටයදී බව වාර්තා වේ.
කෙසේ නමුත් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමෙන් පසු අනාවරණය වී තිබෙන්නේ ඔහු එම අවස්ථාවේ මත්පැන් පානයකර සිට ඇති බවයි.